Connect with us

පුවත්

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

Published

on



පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් පෝෂණය කිරීම සහ ව්‍යවස්ථාදායක ආයතන අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු සේවා සඳහා වන පකිස්ථානු ආයතනය (Pakistan Institute for Parliamentary Services – PIPS) අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම පසුගියදා (19) පාර්ලිමේන්තුවේ දී සිදුවිය.

ඒ අනුව, පාර්ලිමේන්තු සේවා සඳහා වන පාකිස්ථාන ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆාහිමුල්
අසීස් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර
මහත්මිය අත්සන් තැබීය. මෙම අවස්ථාවට පාකිස්ථානයේ නියෝජ්‍ය මහ කොමසාරිස් වජිඩ් හසන් හෂ්මි මහතා සහ පාර්ලිමේන්තුවේ ප්‍රධාන සන්ධාන
නිලධාරී අමා විතානගේ මහත්මියද එක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර දැනුම බෙදාගැනීමේ ක්‍රියාකාරකම් තුළින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී
වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යවස්ථාදායක භාවිතයන් ශක්තිමත් කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වේ.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ ව තමා සතුටට පත් වන බවත්, ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එය සජීවී සහ ක්‍රියාකාරී
හවුල්කාරිත්වයක් බවට පත් කිරීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය. මේ අතර, මේ
තුළින් දෙරටේ ව්‍යවස්ථාදායක ආයතන අතර පවතින සමීප සහයෝගිතාවය වර්ධනය වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා පුහුණු අවස්ථා
ලබාදීමේදී මෙම අවබෝධතා ගිවිසුම ප්‍රයෝජනවත් වනු ඇති බවත් හොඳම භාවිතයන් ඉගෙන ගැනීමටත් වටිනා විශේෂඥ දැනුම ලබා ගැනීම තුලින්
ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සහය දැක්වීමට එමඟින් ඔවුන්ට හැකි වනු ඇති බවත් පැවසුවාය.

මෙයට අමතරව මෙම සාකච්ජාවේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යභාරය හා එහි
ක්‍රියාවලිය පිළිබඳව ද අවධානය යොමුවිය.

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading

පුවත්

කටුනායක වෙඩි තැබීමක්

Published

on

By

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අද (22) උදෑසන 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසීය.

Continue Reading

පුවත්

“සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්ය.

අදාල නිවේදනය,

“ක්ලීන් ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කරමු! –  “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්, එසේම කැළිකසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.

රට තුළ සාමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

කැළිකසළවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ යහ පුරුද්ද සමාජගත කිරීමද මෙම වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති කරුණකි.

පසුගිය දා ආරම්භ වූ සිරි දළදා දැක්මට සමගාමීව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය – 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved