Connect with us

පුවත්

පාර්ලිමේන්තු පිවිසුම අසල අනතුරක්

Published

on

නව ආරක්ෂකම් සම්පත් තුයියකොන්ත මහතාට නිකුත් කර තිබූ වාහනය වගුරු බිමකට පෙරළී ගොස් තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ මෙම රථය වැලිකඩ පාර්ලිමේන්තුව පාරේ ජයන්තිපුර ප්‍රදේශයේ දියවන්නා වගුරු බිමට පෙරලීගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා රථයේ ගමන් කර නැති අතර වැලිකඩ පොලිසිය විසින් එහි රියැදුරු වන හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආරක්ෂක ලේකම්වරයාව රැගෙන ඒම සඳහා ධාවනය වෙමින් තිබීදී මෙම අනතුර සිදුවී ඇත්තේ රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් බව පොලිස් විමර්ශනවලදී හෙලි වී තිබේ.

රියැදුරට අනතුරින් තුවාල සිදුවී නැතත් රථයට බරපතල හානි සිදුවී ඇත.

පුවත්

කෙහෙළිය පවුලටම අධිචෝදනා

Published

on

By


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනුකර තිබේ.

Continue Reading

පුවත්

බූස්සේ ගෙල වැලලාගත් රැඳවියෙක් මරුට

Published

on

By

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන තිබේ.

සිරමැදිරියේ ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් ඔහුව මුදාගෙන රෝහල්ගත කර තිබේ.

රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බිම්සර අමල් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved