පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීලා 30%ක් ඡන්දෙට නොඑන්න තීන්දු කරලා

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 30%කට වැඩි පිරිසක් මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බවට දැනටමත් තීරණය කර ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

එම ප්‍රවෘත්තිය අනුව අවම වශයෙන් දැනට සිටින මන්ත්‍රීවරුන් 68ක් ඊලඟ මැතිවරණයට ඉදිරිපත් නොවෙනු ඇතැයි පැවසේ.

එයට හේතු වශයෙන් දක්වා තිබෙන්නේ මැතිවරණයට වියදම් කිරීම සඳහා මුදල් නොමැති බව ය. 

තීරු බදු රහිත වාහන ලබා දෙන්නේ නම් ඒවා විකුණා මැතිවරණය වෙනුවෙන් මුදල් ලබා ගැනීමට ඔවුන් ඉදිරිපත් වෙනු ඇති බව ද එම ප්‍රවෘත්තියෙන් වැඩි දුරටත් දැක්වේ.

Trending

Exit mobile version