පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

අද (04) දිනයේ දී කාන්තා සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවපාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජුනි මස 06 වන දින ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ජුනි මස 07 වන දින පැවැත්වීමට නියමිතය.

මෙම සතිය තුළ ඉතා වැදගත් පනත් කිහිපයක් සම්මත කර ගැනීමට නියමිත බැවින් ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉල්ලීමක් කර තිබේ.

මෙම නව පනත් කෙටුම්පත් තුළින් රටේ ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට හැකිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

Trending

Exit mobile version