ඓතිහාසික කතරගම පුණ්‍යභූමි වන්දනා පාද යාත්‍රාව අද (20) ආරම්භ වේ.
සාම්ප්‍රදායිකවම සෑම වසරකම මෙම පාද යාත්‍රාව සඳහා බැතිමතුන් සහභාගී වන අතර යාපනයේ සිට කතරගම දක්වා 30,000කට අධික බැතිමතුන් පිරිසක් පාද යාත්‍රාවේ පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.
පොලිතීන් භාවිතයෙන් තොරව වන්දනා ගමන සිදු කරන ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.
පසුගියදා (18) පරිසර අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.
මෙම පාද යාත්‍රාව පරිසර හිතකාමී ලෙස සිදු කිරීම සඳහා පරිසර අමාත්‍යංශය සහ වනජීවීසංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වෙමින් කටයුතු කරනු ලබයි.
යාපනයේ සිට යාල සහ කුමන වනෝද්‍යාන හරහා කතරගම දක්වා සිදු කරන සංස්කෘතික පා ගමන පරිසර හිතකාමි අයුරින් පමණක් සිදු කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කළ අතර, ප්ලාස්ටික් සහ පොලිතින්වලින් තොරව හරිත පාද යාත්‍රාවක් ලෙස මෙම වන්දනාව සිදු කිරීමේ වැදගත්කම අවධාරණය කලේය.
පසුගිය වසරවලදී පැවති පාද යාත්‍රාවන් හේතුවෙන් එකතු වන කැලි කසළ හේතුවෙන් වනෝද්‍යාන සහ වන සතුන් ඇතුළු ජෛව පද්ධතීන්ට තර්ජනයක් එල්ල වූ අතර කැලි කසළ විශාල ප්‍රමාණයක් එක් රැස්වීම හේතුවෙන් පරිසර පද්ධතියට හානි සිදු වී තිබෙන බව ද මෙහිදී පැහැදිලි කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා, පාද යාත්‍රාවෙන් කුමන සහ යාල වනෝද්‍යාන තුළින් ගමන් ගන්නා බැතිමතුන් සඳහා ආරක්ෂාව සැපයීමට අවශ්‍ය කටයුතු සලසන බවත්, වනෝද්‍යාන සහ වනසතුන් රූගත කිරීම් සහ ඩ්‍රෝන භාවිතයෙන් සිදු කරන පටිගත කිරීම් සිදු කිරීමට අවකාශයක් නොමැති බවත්, පොලිතීන් සහ ප්ලාස්ටික් රැගෙන ඒම සිදු නොකරන ලෙසත් අවධාරණය කලේය.
වනෝද්‍යාන සහ සතුන්ට යම් බාධාකාරී හැසිරීම් සිදු වුවහොත් ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්ව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණි.