පොසොන් සමය නිමිති කොටගෙන අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට වෙළෙඳපොළේදී සිදුවන අසාධාරණ වැළැක්වීම සඳහා විශේෂ වැටලීම්, විමර්ශන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පසුගිය සිකුරාදා දින සිට මෙම වැඩසටහන ක්‍රියාත්මකමක බව එම අධිකාරිය පවසයි.
එම වැඩසටහන මගින් මේ වනවිට වැටලීම් 37කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
මේ අතර මෙම වැඩසටහනට සමගාමීව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අනුරාධපුර ප්‍රදේශයන්හි වෙළෙඳ ප්‍රජාවද දැනුවත් කිරීමද සිදුකර ඇත.
ඒ සඳහා විශේෂ කණ්ඩායම් ද යොදවා තිබේ.
මේ අතර වෙළෙඳපොළේ සිදුවන අසාධාරණයන් සම්බන්ධව ලැබෙන පැමිණිලි සඳහා අවශ්‍ය ක්ෂණික මැදිහත්වීම සිදුකිරීම වෙනුවෙන් ද නිලධාරීන් යොදවා ඇති බව වාර්තා වෙයි.
මෙම වැඩසටහනෙපොසොන් කාල සීමාව අවසන් වෙන තෙක් ක්‍රියාත්මක කරනු ලබ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පවසයි.