පුවත්

පාරිභෝගික අධිකාරිය පරණ මෝල්ට් සොයා වී ඒ ඩිස්ටලරිස් වෙත කඩාවදියි

Published

on

මත්පැන් නිෂ්පාදනය කරනු ලබන වී ඒ ඩිස්ටලරිස් ආයතනය තුළ මත්පැන් නිෂ්පාදනය සඳහා කල් ඉකුත් වූ මෝල්ට් ධාන්‍ය වර්ග තොගයක් යොදාගැනෙමින් තිබෙන බවට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පාරිභෝගික අධිකාරිය විසින් එහි ගොස් පරීක්ෂණයක් සිදු කර තිබේ.

වී ඒ ඩිස්ටලරිස් ආයතනයේ පාදුක්ක ගලගෙදර හයිලෙවල් ප්‍රධාන මාර්ගයේ අංක 324 දරණ ස්ථානයට ගොස් අදාල පරීක්ෂණය සිදුකර ඇති අතර, අදාළ මොල්ට් තොගයේ නියැදි කිහිපයක්ද පරීක්ෂණ කටයුතු සඳහා ලබාගෙන ඇත.

මත්පැන් නිෂ්පාදනාගාර තුළ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙ​න් පරික්ෂා කිරීම සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුතු වුවද අදාළ පැමිණිල්ලට අනුව එම දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසරයක් ලබා ගනිමින් පාරිභොගික අධිකාරිය මේ පරීක්ෂණය සිදුකර ඇත.

ඒ අනුව පාරිභෝගික අධිකාරිය විසින් ලබා ගන්නා ලද සාම්පල පරික්ෂා කිරීමට රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ කාර්මික තාක්ෂණ ආයතනයට යොමු කිරීමට හෙට (27) කටයුතු යෙදීමට නියමිත බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පාරිභෝගික අධිකාරියට අදාළ පැමිණිල්ල කර ඇත්තේ මගෙන් රටට සංවිධානය විසිනි.

වසර 30ක පමණ දීර්ඝ ඉතිහාසයක් ඇති මේ මත්පැන් සමාගමේ වර්තමාන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ වජිර ගුණසේකර මහතාය.

එම පැමිණිල්ල පහත දැක්වේ.

Trending

Exit mobile version