පුවත්

පාසල් දරුවන්ට මාසික දීමනාව ලැබෙන විදිය

Published

on

ආර්ථික අපහසුතා ඇති පාසල් දරුවන්ට රුපියල් 6000ක මාසික දීමනාවක් ලබා දීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපතිවරයා පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කලේය.

ජනාධිපතිවරයා තවදුරටත් පවසා සිටියේ අස්වැසුමට එක් නොවුණු ප්‍රතිලාභ ලැබිය යුතු දරුවන්ද මේ සඳහා එකතු කර ගැනීමට අපේක්ෂා කරන බවය.

“මුදල් නොමැතිකම නිසා පාසල් නොයන දරුවන් සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙවර අයවැය මගින් මුදල් වෙන් කර තිබෙනවා. එම දරුවන්ට රුපියල් 6000ක මාසික දීමනාවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. 

අස්වැසුමට එක් නොවුණු ප්‍රතිලාභ ලැබිය යුතු දරුවනුත් මේ සඳහා එකතු කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

අස්වැසුම කාණ්ඩ හතරකට ලබා දීමට සැලසුම් කර තිබුණා. ඉන් ලක්ෂ අටක් මේ දෙසැම්බර් මාසෙ තිස් එක් වන දා අස්වැසුම ව්‍යාපෘතියෙන් එළියට වැටෙන්න නියමිතව තිබෙනවා. අපි එම කාණ්ඩ දෙකෙන් යටම කාණ්ඩය සඳහා ප්‍රතිලාභ  ලැබීම  මාර්තු මාසය දක්වා දීර්ඝ කළා. අනිත් කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ලැබීම ලබන වසර දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කළා. අස්වැසුම ලැබෙන අයත් අස්වැසුම නොලැබෙන අයත් අතර මතයක් ගම්වල තිබෙනවා. එනිසා අස්වැසුම නැවත සමාලෝචනය කළා. පද්ධතිය හරහා ලබා ගන්නා තොරතුරු නැවත පරීක්ෂාවට ලක් කර අස්වැසුම දැනට නොලැබෙන එහෙත් ලැබිය යුතු කොටස් පිළිබඳ සොයා බලා අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා.”

Trending

Exit mobile version