පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි 80% ක් බෙදා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉතිරි 20% මේ මාසය අවසන් වීමට පෙර බෙදා නිම කිරීමට එම අමාත්‍යංශය සැලැසුම් කර තිබේ.
මෙසේ බෙදාදෙන ලද පාසල් නිල ඇඳුම්වලින් 70%ක් ම චීන රජයේ ප්‍රදානයක් වශයෙන් මෙරටට ලැබිණි.
පළමු අදියර යටතේ චීනයෙන් මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි උතුර, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් ළමුන්ට බෙදා දී තිබේ.
දෙවන අදියරේ නිල ඇදුම් රෙදි සෙසු පළාත් 05 ආවරණය වන පරිදි බෙදා දීමට නියමිත බව පැවසේ.
එහිදි පාසල් ළමුන් ලක්ෂ 41 කට හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා මෙම නිල ඇඳුම් රෙදි බෙදා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.