Connect with us

පුවත්

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Published

on

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පළමු පාසල් වාරයේ පළමුවන අදියර එළැඹෙන 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

එමෙන්ම පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වැනි අඟහරුවාදා දින ආරම්භ වීමට නියමිත බවත් අමාත්‍යාංශය එම නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම්දී තිබේ.

පුවත්

මිලාන්ට ඇප (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ

ඒ අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඉඩම්වලට අදාළ පිඹුරු අනුමත කිරීමේදී රජයට රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් පාඩු කළේ යැයි මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.


(පෙර පුවත 2025 මැයි19 ප.ව.1.24 )

මිලාන් ජයතිලක අත්අඩංගුවට

පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉඩමක පිඹුරුපතක් අනුමත කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

දෙහිවල වෙඩි තැබීමක්

Published

on

By

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබේ.

පොලීසිය පවසන්නේ, ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවය.

Continue Reading

පුවත්

මහින්දානන්ද රිමාන්ඩ් (UPDATE)

Published

on

By

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


(පෙර පුවත 2025 මැයි 19 පෙ.ව.11.28 )

හිටපු අමාත්‍ය මහින්දානන්ද අධිකරණයට පැමිණේ

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය.

අල්ලස් කොමිසම මගින් ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved