Connect with us

පුවත්

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත් ගැන නිවේදනයක්

Published

on

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත් වලංගු කාලය දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, 2025 වසර සඳහා එම තිලිණපත් 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බවය.

එහි මීට පෙර 2025.02.28 වන දිනෙන් එහි වලංගුතාවය අවසන් වන බව සඳහන්ව තිබේ.

පුවත්

ජනපති අරමුදලේ සියලු සේවා අද සිට Online

Published

on

By

ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වෙයි.

ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වන දා සිට ආරම්භ විය.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ,  එම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවාද ඒ අයුරින් විමධ්‍යගත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා ‍දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්හි සේවා සඳහා මහජනතාවට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් Online ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

මෙම වැඩසටහනත් සමඟ කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට අයැදුම් කිරීමට එහි ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදාවෙයි. 

Continue Reading

පුවත්

කතරගම දේවාලයේ පෙරහැරට සහභාගී වන්නන්ට නිවේදනයක්

Published

on

By

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා සහභාගී වන සැදැහැවතුන් පිළිපැදිය යුතු රෙගුලාසි ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ , මොණරාගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම් පසන් එස්.බී රත්නායක මහතා විසින් ය.

කතරගම මැණික් ගඟේ පැරණි තොටුපළේ සිට කිලෝමීටර් 1.6ක අර්ධ විෂ්කම්භයකින් වට වූ ප්‍රදේශය සහ සෙල්ල කතරගම පුල්ලෙයාර් කෝවිලේ සිට කිලෝමීටර් 0.4ක අර්ධ විෂ්කම්භයකින් වටවූ ප්‍රදේශය කඳවුරු ප්‍රදේශය ලෙස වෙන්කර ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ ලිඛිත අවසරයක් නොමැතිව කිසිවෙකු විසින් හෝ ඇසළ උත්සවය පැවැත්වෙන කාලසීමාවේදී ඔබ කඳවුරු ප්‍රදේශය තුළ ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිල්ලක් හෝ වෙළෙඳසැලක් ඉදි නොකළ යුතු බව ද ගැසට් නිවේදනය සඳහන් ය.

ඊට අමතරව මැණික් ගඟේ දිය නෑම,රථ වාහන ගාල්කර තැබීම , වෙළඳාම් කිරීම ආදී කටයුතු සඳහාද  අදාළ ගැසට් නිවේදනය මගින් රෙගුලාසි පනවා තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පූජා භූමිය තුළ පනවා ඇති රෙගුලාසි අනුගමනය කරමින් කිසිවෙකුටත් අපහසුතාවයක් ඇති නොවන ආකාරයට ඇසළ උත්සවයට සහභාගි වන ලෙසයි.

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 26 වැනිදා ආරම්භ වෙයි. 

සබැඳි පුවත්:

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සේවකයන්ගේ කැන්ටින් වර්ජන තග වැඩකරයි, බිල බහියි

Published

on

By

මෑතකදී වැඩි කෙරුණු පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ මාසික කෑම බිල අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊයේ (20)  තීරණය කර තිබේ.

මේ අනුව පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ රුපියල් හාරදහසක මාසික කෑම බීල රුපියල් තුන්දහසක් දක්වාද සාමාන්‍ය සේවකයන්ගේ රුපියල් 2500 කෑම බිල රුපියල් 2000 දක්වාද  අඩු කිරීමට කටයුතු කර ඇත.

පාර්ලිමේන්තු නිලධාරීන් සහ සේවකයන්ගේ කෑම බිල  මෑත භාගයේදී සංශෝධනය කෙරුණු තුන්වෙනි අවස්ථාව මෙය ලෙස සැලකේ.

නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ඉල්ලීම අනුව එම මිල ගණන් මෙසේ අඩු කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

සියලු දීමනා කප්පාදු කර ඇති තත්වය යටතේ පාර්ලිමේන්තුවේ මාසික කෑම බිල දරාගත නොහැකි බව පවසමින්  එහි සේවකයෝ  පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිපියක් බාර දෙමින් පසුගියදා දැනුම් දුන්හ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික කෑම බිලද පසුගියදා වැඩි කෙරිණ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved