පාසල්වල සිටින අනධ්‍යයන කාර්යමණ්ඩලය අද (24) සහ හෙට (25) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති පසුබිමක පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවීම සඳහා පාසල් ප්‍රජාව සමග එක්ව, පාසල්වල කටයුතු කළමනාකරණය කරගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ගන්නා ලෙස එම නිවේදනයේ දැක්වේ.
අධ්‍යාපන ආමත්‍යංශය සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මෙම නිවේදනය නිකුත් කර ඇත.
මේ අතර, දිවයින පුරා පිහිටි පාසල්, විද්‍යාපීඨ, අධ්‍යාපන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ප්‍රජාව සහ භෞතික සම්පත් ආරක්ෂාව සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්ය.
එම නිවේදනය පහතින්,
සබැඳි පුවත්