පුවත්

පාසල් පෝෂණ වැඩසටහනට දුන් සහල් ගැන නිවේදනයක්

Published

on

පාසල් පෝෂණ වැඩසටහනට වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත්කර ඇත්තේ විද්වත් කමිටුවක් මගින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් බව අවධාරණය කෙරේ.

ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සදහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.

ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් පත් කළ විද්වත් කමිටුව මඟින් එම නිර්දේශ ඉදිරිපත් කර ඇත.

එම කමිටුව අදාළ නිර්දේශය ලබා දී ඇත්තේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා පදනම් කර ගනිමිනි.

එමෙන්ම එම කමිටුව අදාළ නිර්දේශ ලබාදී ඇත්තේ රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා පදනම් කර ගනිමිනි. 

ආයතන කිහිපයක් මගින් එසේ මිනිස් පරිභෝජනයට සුදුසු යැයි තහවුරු කළ සහල් තොග වේයන්ගොඩ දිස්ත්‍රික් ගබඩාවෙන් යළි පරික්ෂාකර ලබා ගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය වන පරිදී නිලධාරී කණ්ඩායමක් යොදවන ලෙසත් එම සහල් තොගය මැයි 01ට පෙර භාවිතයට ගැනීමට හැකිවන පරිදී සැලසුම් සකස් කරන ලෙසත් සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දී ඇත.

ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සදහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ,  සහල් තොග ගබඩාවෙන් නිකුත් කිරීමට පෙර පළාත් අධ්‍යාපනය භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් මගින් ද සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කිරීම අනිවාර්ය කර ඇත.

මෙම සහල් පාසලේ ආහාර පිසින්නන්ට නිකුත් කිරීමට පෙර පාසල් පෝෂණ කමිටුවේ නියෝජිතයෙකු වන මහජන සෞඛ්‍ය පරික්ෂක විසින් පරික්ෂා කළ යුතු වේ.

එමෙන්ම  මෙම සහල් ප්‍රදානයක් ලෙස ලැබී ඇති බැවින් ඇසුරුම් වල “Not for Sale” (විකිණීම සඳහා නොවේ) යන්න මුද්‍රණය කර ඇති බවත් එයින් අර්ථ ගැන්වෙන්නේ සහල් තොග පරිභෝජනයට සුදුසු නොවන බවක්  නොවන බවද  අදාළ නිවේදනයෙන් අවධාරණය කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය කේෂ්ත්‍රයේ විවිධ තල නියෝජනය වන පරිදි සිදුකළ විධිමත් පරීක්ෂාවකින් අනතුරුව ලෝක ආහාර වැඩසටහන යටතේ මිනිස් පරිභෝජනයට සුදුසු සහල් තොග පාසල් සඳහා නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

( මාධ්‍ය නිවේදන – ජනාධිපති මාධ්‍ය අංශය )

Trending

Exit mobile version