ඉන්ධන මිල අඩු වුවද පාසල් සිසුන් ප්‍රවාහන රථ ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය සඳහන් කරයි.
‘මව්බිම’ පුවත්පත වෙත අදහස් පළ කරමින් එම සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා පවසා ඇත්තේ, පසුගිය කාලයේ ඉන්ධන මිල වැඩි වූ අවස්ථාවන්වලදී ඊට අදාළ ගාස්තු වැඩි කිරීමක් නොකළ නිසාවෙන් මෙවර එසේ අඩු කිරීමට නොහැකි බවය.
මේ අතර, ඊට අදාළ ගාස්තු අඩු කිරීම පිළිබඳව සංගමයෙන් සඳහන් කළ ද බොහෝ අවස්ථාවන්වල එලෙස සිදු නොවන බව ඔහු එහිදී අවධාරණය කලාය.
එසේ වන්නේ මව්පියන් සහ අදාළ රථ හිමියන් අතර ඇතිවන ගනුදෙනුවක් නිසාවෙන් බවයි සභාපතිවරයා සඳහන් කර ඇත.
ඩීසල් මිල 250 දක්වා අඩු වුවහොත් අය කරන මුදල්වලින් රුපියල් පන්සියයක්, අටසීයක් අතර මුදලක් අඩු කිරීමේ හැකියාවක් ඇති බව මල් ශ්‍රී ද සිල්වා මහතා තවදුරටත් පවසා තිබේ.
ලබන වර හෝ එවැන්නක් සිදුවෙතැයි අපේක්ෂා කරන බව ත් එවිට ගාස්තු අඩු කරන්නට රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බව මල් ශ්‍රී ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කලේය.