Connect with us

පුවත්

පාසල් සිසුන්ට ඇඟ පෙන්නූ සුරූපී කත CIDයට

Published

on

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අළෙවි කළ 33 හැවිරිදි සුරූපී විවාහක කාන්තාවක මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.

විනාඩි දහයකට සිය නිරුවත පෙන්වීම සඳහා රුපියල් 2000 මුදලක්සේම පැයකට 8000 ක මුදලක් මෙන්ම ඇය ගේමුහුන සමග සමග නිරුවත පෙන්වීම සඳහා එම මුදල මෙන් දෙගුණයක් අය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම කාන්තාව ගේ නිරුවතේ පහස අන්තර්ජාලය ඔස්සේ විද ඇති බහුතරයක් දෙනා අතර වැඩි පිරිස පාසල් සිසුන් බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

පාසල් සිසුන් අතර ඇය බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර මව්පියන් අමතර පන්ති සඳහා දෙන මුදල් ඔවුන් ඒ සඳහා වැය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

කාන්තාව එම මුදල් ලබාගෙන ඇත්තේ ගුප්ත ව්‍යවහාරික මුදල් හුවමාරු යටතේ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පුවත්

හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (22) හමුවක් සිදුව තිබේ.

ඒ, විජේරාම නිල නිවසේදීය.

වර්තමාන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන මෙන්ම පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගැනීම එහිදී සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් අප දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මේ මොහොතේ තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක්

Published

on

By

වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී ඇති බව සඳහන්ය.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved