පුවත්

පාසල් සිසුන්ට පාර්ලිමේන්තු විවාද නැරඹීමට යළිත් අවස්ථාවක්

Published

on

පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පාසල් සිසුන්ට යළි අවස්ථාව ලබාදි තිබේ.

ඒ කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතුන් මත පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබූ සීමාවන් පසුගිය සැප්තැම්බර් 20 දින සිට ලිහිල් කළද පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී ඒ සඳහා අවස්ථාව හිමි නොවීම නිසාය.

මේ අනුව රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව නැරඹීමට සහ විවාද නැරඹීමට පාසල් දරුවන්ට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙලෙස අනුමැතිය හිමි වුයේ, වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවටය.

ඒ අනුව, පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමට පාසල් දරුවන් අවස්ථාව හිමි වේ.

Trending

Exit mobile version