පුවත්

පාසල් සිසුවියක් තට්ටු ​ගොනැගිල්ලකින් බිමට පැනලා!

Published

on

මහනුවර බාලිකා පාසලක අධ්‍යාපනය හදාරන 15 හැවිරිදි සිසුවියක් එම පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලින් බිමට පැනීමේ සිද්ධියක් මහනුවර ජාතික රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සිසුවිය සිද්ධියෙන් තුවාල ලබා ඇති අතර ඇය මේවන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම සිසුවිය ඊයේ (09) පෙරවරු 11.30ට පමණ පාසලේ පිහිටා ඇති ගොඩනැගිල්ලක අඩි 15ක් පමණ උසක සිට බිමට පැන ඇති බවයි වාර්තා වේ.

තුවාල ලැබූ සිසුවිය එම පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසින් ද කටයුතු කරන අතර ඇය කටුගස්තොට කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි කාරිනියකි.

මෙම සිසුවියට අමතක වීමේ රෝගයක් පවතින බව සිසුවියගේ දෙමව්පියන් විසින් පොලීසිය දැනුවත් කර ඇතැයි මේ අතර වාර්තා වේ.

Trending

Exit mobile version