මට්ටකුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි වියේ පසුවූ අයෙකි.
අද (28) උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
එහිදී එල්ලවූ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇති පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිට ඇපමත මුදාහැර සිටි අයෙකු බවට තොරතුරු වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.