Connect with us

පුවත්

පාස්කු උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Published

on

පාස්කු උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් 2025.04.18 හා 2025.04.20 වන දිනයන්හි පැවැත්වෙන බැවින් එම දිනයන්හි බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

බැතිමතුන් වැඩි වශයෙන් පැමිණීම සිදුවිය හැකි දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානයන්හි හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමත්, ප්‍රධාන දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කර ආරක්ෂක පියවර ගන්නා ලෙසටත් වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස්දී ලබාදී ඇති අතර, මේ සඳහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් රාජකාරියේ යෙදවීමට නියමිතය.

පුවත්

බෙරගල – වැල්ලවාය මාර්ගයේ නායයෑමක්

Published

on

By

බෙරගල වැල්ලවාය අතර විහාරගල ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වූ මාර්ගයේ එක් මංතීරුවක් මේ වන විට විවෘත කර තිබේ.

කොළඹ චෙන්කලඩි ප්‍රධාන මාර්ගයේ විහාරගල ප්‍රදේශයේ කිලෝමීටර් 184 කණුව ආසන්නයේ මෙම නායයෑම සිදුවිය.

අධික වර්ෂාවත් සමග මාර්ගයේ ඉහළ කොටසේ පස්කදු මාර්ගයට කඩා වැටී තිබේ

ඒ හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙම මාර්ගයේ ගමන් කිරීම සම්පූර්ණයෙන්ම අවහිර විය.

හපුතලේ පොලීසිය , ප්‍රදේශවාසීන් හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මේ වන විට එහි එක් මංතීරුක් විවෘත කර තිබේ.

මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

පිල්ලයාන්ගේ රියදුරු CID අත්අඩංගුවට

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළවය.

Continue Reading

පුවත්

අද ලොකු වැස්සක්

Published

on

By

සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ ඒ බව සඳහන් ය.

ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved