පාස්කු දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් පිරීම නිමිත්තෙන් කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොළඹ කොච්චිකඩේ දේවස්ථානය දක්වා පා ගමනක් ආරම්භ කර තිබේ.
ඒ කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ අද පැවති පූජාවෙන් අනතුරුවය.
රාත්‍රී විශේෂ දේව පූජාව පස්වරු 7.00 ට ආරම්භ වූ අතර පාස්කු ප්‍රහාරය නිසා වින්දිතයන් බවට පත් වූ පිරිස ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.
කොළඹ කොච්චිකඩේ දේවස්ථානය කරා ගමන් කෙරෙන මෙම පා ගමන වෙනුවෙන් කටුනායක -සිදුව ඇතුළු ස්ථාන කීපයක දී දන්සැල් පැවැත්වීමට ද සංවිධානය කර තිබිණි .
මෙම පිරිස හෙට (21) පෙරවරු 8.00 වන විට කොච්චිකඩේ දේවස්ථානය අසලට ළඟා වීමට නියමිත අතර එහි පැවැත්වෙන දේව පූජාවට සහභාගි වීමටද නියමිතය