Connect with us

පුවත්

“පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා මම දන්නවා, හැබැයි මාධ්‍යට කියන්නේ නෑ”

Published

on

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු කවුරුන්ද යන්න තමන් දන්නා බවත් තමන් ඒ තොරතුරු මාධ්‍යට නොව ජනාධිපතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට හෙළිකිරීමට සූදානම් බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ බව පැවසුවේ ඊයේ (06) මහනුවරදී මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“පාස්කු ප්‍රහාරය, බලන්න ගෙනිච්ච අනවශ්‍ය මානය. මේකෙ මහමොළකාරයෙක් ඉන්නවාය කිව්වා. දැන් හොයනවාද මහමොළකාරයා ? මම වගකීමෙන් කියනවා මම දන්නවා මහමොළකාරයා. මම දන්නවා මහමොළකාරයා. හැබැයි ඒක මාධ්‍යට කියන්නේ නෑ. 

ඒක මාධ්‍යට කියනවා, රටේ ජනාධිපතිටයි ආරක්ෂාව භාරව ඉන්න මහ එවුන්ටයි කියලා. මහමොළකාරයා ගැන මම දන්නවා, මහමොළකාරයාගේ පැටිකිරිය දන්නවා, මහමොළකාරයා ඇසුරු කරපු අය දන්නවා, මහමොළකාරයා හිටපු තැන දන්නවා, මහමොළකාරයා සහරාන්ලාව පුහුණු කරපු අන්දම දන්නවා, ඔහුව ගයිඩ් කරපු හැටි දන්නවා මරාගෙන මැරෙන්න. ඉතින් ඒ නම් ගම් ඔක්කොමත් එක්ක මම අදාළ බලධාරීන්ට කියනවා මිසක් මේක අප්පුහාමිටයි කරුණාවතී අම්මාටයි කියලා වැඩක් නෑනෙ … 

අද වෙද්දී විශාල භීතියක් නිර්මාණය වෙමින් තියෙනවා ආරක්ෂක අංශ තුළ නැගෙනහිර පළාත සම්බන්ධයෙන්. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ සම්බන්ධයෙන් කරුණු කියලා තිබ්බා. වර්තමාන ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ආරක්ෂක අයවැය විවාදයේදී ලංකාවේ ස්ථාන තුනක බරපතළ ගැටලුවක් ඇති බව අනාවරණය කරලා තිබ්බා. ඉතින් මම හිතන්නෙ මේ මොහොත නෙවෙයි අපි දන්න සමහරක් තොරතුරු මාධ්‍ය මගින් රටට කියන්න. මොකද රටේ ප්‍රධානීන්, වගකිවයුත්තන් අවධානයෙන් තබන්න ඕනෙ නිසා – අපට තවත් ප්‍රවෘත්තියක් මවන්න නෙවෙයිනෙ වුවමනාව තියෙන්නෙ – ඒ අදාළ බලධරයින් දැනුවත් කරන්න මම අපේක්ෂාවෙන් ඉන්නවා. ඒක ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, ආරක්ෂක ලේකම්වරයා වෙන්න පුළුවන්. මොකද රට කලබල කරන්න බෑ මේ වෙලාවෙ. මොකද එකක්, දළදා ප්‍රදර්ශනයට දින දීලා තියෙනවා. විශේෂයෙන් දළදා ප්‍රදර්ශනය ඇතුළු ඒ කටයුතු සම්බන්ධයෙන් ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වෙන්න කියන කාරණය ගැන මහානායක හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළා මේ වෙලාවෙ”

පුවත්

පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට

Published

on

By

පොලිසියේ ඉහළ තනතුරු දරන ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ගණනාවක් මත ඒ අය සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් එක් තැනැත්තෙක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකක් බවද පැවසේ.

අනිත් තැනැත්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් බව වාර්තා වේ.

පොලිස් වත්කම් විමර්ශන කාර්යාංශය විසින් මේ පැමිණිල්ල සම්බන්ධව විමර්ශනය සිදු කරන බවද පැවසේ.

පසුගිය කාලයේ මේ අය විශාල වශයෙන් වත්කම් රැස්කර ඇතැයි ද ඊට අදාළ විස්තර ද සහිතව ලැබුණු පැමිණිල්ලක සටහන්ව ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

හෝටල් ලිෆ්ට් අනතුරෙන් යාපනයේ තරුණයෙකු මරුට

Published

on

By

යාපනය පොලිස් වසමේ පන්නේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක විදුලි සෝපානයකින් ඇදවැටී ඊයේ (21) රාත්‍රියේදී තරුණයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, නිර්වේලි, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

මෙම හෝටලයේ සේවකයෙකු වශයෙන් කටයුතු කර ඇති මරණකරු, භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී තිබෙන බව පොලීසිය පවසයි.

මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මීට දින කිහිපයකට පෙර මොරටුව ප්‍රදේශයේ හෝටලයකදී ද මෙවැනි සිදුවීමක් වාර්තා විය.

Continue Reading

පුවත්

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 6වැනි චීන-දකුණු ආසියානු සහයෝගිතා සංසදය අමතයි

Published

on

By

2025 ජුනි 18 වැනි දින සිට 21 වැනි දා දක්වා චීනයේ යුනාන් පළාතේ කුන්මිංහි පැවති නවවැනි (9) චීන-දකුණු ආසියානු ප්‍රදර්ශන සම්මේලනයට සහ හයවැනි (06) චීන-දකුණු ආසියානු සහයෝගිතා සංසදයට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහභාගී විය. මෙම වසරේ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම වැදගත් වන්නේ ශ්‍රී ලංකාව මෙම ප්‍රදර්ශන සම්මේලනයේ තේමා රාජ්‍යය ලෙස තෝරාගෙන තිබූ නිසාය.

හයවැනි (6) චීන-දකුණු ආසියානු සහයෝගිතා සංසදයේ සමාරම්භක උත්සවය අමතමින් නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර මහතා, දකුණු ආසියාව සඳහා තීරණාත්මක සාධකයක් වන කලාපීය සහයෝගිතාව සහ සාමූහික සංවර්ධනයේ වැදගත්කම මෙන්ම කලාපයේ ජනවිකාස ශක්තිය හා උපායමාර්ගික පිහිටීම, වර්ධනය වන ගෝලීය වෙළඳාම සහ සංස්කෘතික හා බුද්ධිමය වටිනාකම්වල වැදගත්කම අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්, තාක්ෂණය, හරිත බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ නිෂ්පාදනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල අවස්ථා ගවේෂණය කරන ලෙස ඔහු චීනයේ සහ දකුණු ආසියාවේ ආයෝජකයින්ට සහ හවුල්කරුවන්ට ආරාධනා කළේය.

2025 ජුනි 20 වැනි දින, නියෝජ්‍ය අමාත්‍යවරයා යුනාන් පළාතේ උප ආණ්ඩුකාරවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී සැකසූ ආහාර, ඇඟලුම්, කෘෂිකර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රවල අනාගත සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළේය. විසිතුරු මල් වගාකිරීමේ සහ සැකසීමේ ක්ෂේත්‍රය තුළ ‘වෘක්ෂලතා සහ සත්ත්ව විශේෂ සඳහා රාජධානිය’ ලෙස ගෝලීය වශයෙන් පිළිගැනෙන යුනාන් පළාතේ එම ක්ෂේත්‍රයේ විශේෂඥතාව සම්බන්ධයෙන් අත්දැකීම් ලබාගැනීමට ඇති අවස්ථා ඇතුළුව, අවශ්‍ය තාක්ෂණික සහය සහ දැනුම හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දක්වන උනන්දුවද ඔහු ප්‍රකාශ කළේය.

2025 ජුනි 19 වැනි දින කුන්මින් ඩියැන්චි ජාත්‍යන්තර සම්මේලන සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නිල වශයෙන් විවෘත කරන ලදී. අමාත්‍ය සමරසිංහ සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය ද පැවැත්වීය.

ප්‍රදර්ශන සම්මේලනයේ ශ්‍රී ලංකාවේ නියෝජනය තුලින් ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තීන් සහ සංස්කෘතික උරුමයන් පිළිබඳ විචිත්‍රවත් නිරූපණයක් පිළිබිඹු විය. මැණික් හා ස්වර්ණාභරණ, ලංකා තේ, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කෙඳි, කුළුබඩු, කාබනික සහ සුවතා නිෂ්පාදන, අත්කම්, බතික්, රසකැවිලි සහ සැකසූ ආහාර ඇතුළු අගයෙන් ඉහළ අපනයන සහ සේවාවන් රාශියක් එහිදී ප්‍රදර්ශනය කෙරිණි. වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම, අපනයන හැකියාවන් වැඩි දියුණු කිරීම සහ චීනයේ සහ දකුණු ආසියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා වෙළඳපොළ ප්‍රවේශය ඉහළ නැංවීම එම ප්‍රදර්ශන සම්මේලනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වීමේ අරමුණ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved