Connect with us

පුවත්

පාස්කු ප්‍රහාරයේ රාජ්‍ය රහස් හෙළිකරන්න යයි!

Published

on

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ රහස්‍ය තොරතුරු හෙළිදරව් කිරීමට කතෝලික සභාව තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

පසුගියදා අගරදගුරු සම්මේලනය වෙත ලබා දුන් පාස්කු ප්‍රහාරයට අදාළව මෙතෙක් හෙළිදරව් නොවූ රහසිගත තොරතුරු ඇතුළත් සංඝත තැටි (cd) අගරදගුරු සම්මේලනය නීතීඥ කණ්ඩායමක් හා කිතුණු විද්වතුන් පිරිසක් සමඟ එක්ව අධ්‍යයනය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු ඇතැයි ද පැවසේ.

මේ අතර, දේශය කළ විමසීමට පිළිතුරු දෙමින් ජාතික කතෝලික ජනසංනිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කර ඇත්තේ එහි අන්තර්ගත කරුණු ජනතාවට හෙළිදරව් කිරීමට ඉඩ ඇති බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ කොමිසම් වාර්තාවේ ඇතැම් වෙළුම් ජාතික ආරක්ෂාව සම්බන්ධ අති සංවේදී කරුණු ඇතුළත් බව පවසමින් ඒවා ප්‍රසිද්ධියට පත්කිරීමෙන් වැළකී සිටි අතර තමන්ට එම සම්පූර්ණ වාර්තාව ලබා දෙන ලෙසට කතෝලික සභාව අවස්ථා ගණනකදී රජයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත සම්පූර්ණ වාර්තාව පසුගිය 25 වැනිදා අගරදතුරු සම්මේලනයේ සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමන් වෙත භාර දී තිබිණි.

පුවත්

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව ජනපති අතට

Published

on

By

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.

මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි.

Continue Reading

පුවත්

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට (UPDATE)

Published

on

By

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ හා දියණිය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේ ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

මෙලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවකටය.

 


(පෙර පුවත 2025 ජූනි 18 පෙ.ව.10.06 )

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

පක්ෂ තීරණයට පිටුපෑ දෙදෙනෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Published

on

By

කොළොන්නාව නගර සභාවට සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කොළොන්නාව නගර සභාවේ සභාපති හා උපසභාපති පත්කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් එලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවය.

අද (18) උදෑසන පළමු වරට රැස්වූ කොළොන්නාව නගර සභාවේ දී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, එහිදී විපක්ෂයේ සියලුදෙනා සභාවෙන් පිටව යද්දි මොහු පමණක් සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

එහිදී කොළොන්නාව නගර සභාවේ සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා තේරීපත්වූ අතර, උප සභාපති ධුරය සඳහා සමන් සෙනෙවිරත්න මහතා පත්වුණි.

මේ අතර කන්දකැටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

පක්ෂ මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව ඇත.

සමගි ජන බලවේග පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුකූලව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් පක්ෂය විසින් මෙම තීරණය ගෙන තිබේ.

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved