පුවත්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මිලියන 295ක් වන්දි ලෙස ගෙවලා!

Published

on

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත්වූ සහ තුවාල ලැබූ පුද්ගලයන් සහ හානියට පත් දේපළ වෙනුවෙන් රුපියල් මිලියන 295කට අධික මුදලක් (295,499,069.00ක්) වන්දි වශයෙන් ගෙවා ඇති බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ වාර්ෂික වාර්තාවලින් අනාවරණය වේ.

ඒ යටතේ මරණයට පත්වූ හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් 273,747,000ක් සහ හානියට පත් දේපළ වෙනුවෙන් රුපියල් 21,752,069ක් වන්දි ලෙස ගෙවා ඇත.

එම වන්දි ප්‍රදානය කර ඇත්තේ මරණයට පත් වූ හා සදාකාලික දුබලතාවයට පත් වූ අයකු සඳහා රුපියල් මිලියනයක්, වෛද්‍ය වාර්තාවේ සඳහන් ආකාරයට තාවකාලික හා සදාකාලික දුබලතාවයෙහි ප්‍රතිශතය මත පදනම්ව උපරිමය රුපියල් 500,000ක්, හානියට පත් වූ දේපළ සඳහා රජයේ ප්‍රධාන තක්සේරු නිලධාරියාගේ තක්සේරු කිරීමෙන් අනතුරුව උපරිමය රු. 5,000,000 දක්වා මුදලකට යටත්වය.

මරණයට පත්වූ හා තුවාල ලැබූ පුද්ගලයන් 719 දෙනකුට මේ යටතේ වන්දි ප්‍රදානය කර ඇතැයි වාර්තා වේ.

Trending

Exit mobile version