Connect with us

පුවත්

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ශානිගෙන් විශේෂ හෙළිදරව්වක්

Published

on

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන් අනතුරුව සිදුකෙරුණු පරීක්ෂණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබේ.

මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතාගේ ‘පාස්කු ඉරිදා ප්‍රහාරය,පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසදුනු අභිරහස්’ යන කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ශානි අබේසේකර මහතා මේ බව සඳහන් කලේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය තීරණාත්මක අවධියක තිබෙන විට හමුදා බුද්ධි අංශ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව නොමඟ යවා තිබීම පිළිබඳවත් බුද්ධි අංශ සහ ප්‍රහාරකයින් අතර ඇති තිබිය හැකි මූල්‍ය සබඳතා පිළිබඳවත් ශානි අබේසේකර මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

ඔහු සඳහන් කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරය කුමන්ත්‍රණකාරී පෙර හැසිරීමකින් මෙන්ම සංවිධානාතක්මක ස්වරූපයකින් සිදුවූවක් වන අතර එය හුදෙකලා සිදුවීමක් නොවන බවය.

එය යම් කණ්ඩායමකගේ අවශ්‍යතාවය සිදු වී ඇති බව මේ වන විට අනාවරණය වී ඇති සාක්ෂි අනුව පැහැදිලිව පෙනී යන බවද ශානි අබේසේකර මහතා මෙහිදී සඳහන් කලේය.

හමුදා බුද්ධි අංශ විසින් මෙම විමර්ශනවලදී අවස්ථා දෙකකදී ව්‍යාජ ලෙස සාක්ෂි ලබා දී ඇති බවද ඔහු මෙහිදී චෝදනා කර සිටියේය.

එහි පළමු සිද්ධිය වන්නේ  දෙහිවලදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියගිය බෝම්බකරුගේ සිද්ධියයි.

බෝම්බකරුට හමුදා බුද්ධි අංශ සමඟ සම්බන්ධයක් තිබූ බවට එහිදී හෙළි වී තිබුණත් පසුව එම තොරතුරු වසන් කර ඇති බව ශානි අබේසේකර මහතා මෙහිදී සඳහන් කලේය.

දෙවැනි සිද්ධිය වශයෙන් ශානි අබේසේකර මහතා වව්නතිව්හි සිදුවූ ඝාතනය පිළිබඳව විස්තරාත්මකව අදහස් දැක්වු අතර ඔහු සඳහන් කළේ මෙම ඝාතනය සම්බන්ධයෙන්ද බුද්ධි වාර්තා ලබා දීමේදීද හමුදා බුද්ධි අංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව නොමඟ යැවීමට උත්සාහ කර ඇති බවය.

ප්‍රහාරවලට පෙර ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ආයතනයක් විසින් වගකිව යුතු කණ්ඩායමකට යම් මූල්‍ය ප්‍රතිලාභ ලබාදී ඇති බව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියකු සාක්‍ෂි දෙමින් ප්‍රකාශ කර ඇති බවද ඔහු මෙහිදී අනාවරණය කලේය.

විමර්ශනය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමේදී හමුදා බුද්ධි අංශ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනාම නොමඟ යවා ඇති බවත් ශානි අබේසේකර මහතා මෙහිදී අවධාරණය කලේය.

එමෙන්ම, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම විමර්ශනවලට බාධා කිරීම සම්බන්ධයෙන්ද කිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා මෙහිදී රාජපක්ෂ පාලනයට චෝදනා එල්ල කලේය.

එමෙන්ම, අගමැතිවරයා පත් කිරීමටත් පෙර තමාව ස්ථාන මාරු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් ශානි අබේසේකර මහතා මෙහිදී සඳහන් කලේය.

ජාතික ජනබලවේගය පක්ෂයේ නව ආණ්ඩුව විසින් මෙම විමර්ශන සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත්, එබැවින් තමා ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයට  සහය දීමට තීරණය කළ බවත් ශානි අබේසේකර මහතා තවදුරටත් පෙන්වා දුන්නේය.

පුවත්

Company 65ක් හැමදාම වරායෙන් බඩු පන්නවා.ආණ්ඩුවත් හොරුන්ව රකිනවා (වීඩියෝ)

Published

on

By

රේගුව හරහා පරීක්ෂා නොකර බහාලුම් පිට කිරීමට අදාළව නිකුත් වූ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම සහ මෙම වංචාවට සම්බන්ධ සමාගම් හිමියන්ගේ නම් හෙළිදරව් නොකර සිටීමට රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විශේෂ අනාවරණයක් සිදුකරන ලදී.

ඊයේ (06) දින එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවේදී අදාළ තොරතුරු පිළිබඳ අනාවරණය විය.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා, 

2025 07 06 දින පැවති මාධ්‍යය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා දැක්වූ අදහස් #flsplanka #PeoplesPower #viralvideoシ

Posted by Front Line Socialist Party on Sunday, July 6, 2025

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේ­නට පිටින් කෑම ගේන්න අවසර නැහැ

Published

on

By

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට පිට­තින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

රක්ෂිත බන්ධ­නා­ගාරගත කළ රැඳ­වූ­ව­කුට පිට­තින් ආහාර ගෙන ඒමට ඉල්ලී­මක් කළ යුත්තේ එම රැඳ­වූ­වාගේ පවුලේ සාමා­ජි­ක­යකු වුවද මෙම ඉල්ලීම කර තිබුණේ එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාගේ හිටපු ලේක­ම්ව­ර­යකු විසිනි.

ඔහු පවුලේ සමී­ප­ත­ම­යකු නොවන නිසා එම ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්­තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

මේ අතර  බන්ධ­නා­ගාර වෛද්‍ය­වරු සිදු කළ පරි­ක්ෂා­වේදී ඔහු යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් පසුවූ බවට ද අනා­ව­ර­ණය වී තිබේ.

මේ හේතුවෙන් ඊයේ (06) දිනයේ ද හිටපු අමාත්‍යවරයා  බන්ධ­නා­ගා­ර­යෙන් ලබා­දෙන ආහාර කෑමට ගෙන ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

Published

on

By

ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින, වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved