2019 අප්‍රේල් මස 21 දින පාස්කු ප්‍රහාර මාලාව එල්ල වූ දින රාජකාරි පැහැර හැරී හැරීම සම්බන්ධයෙන් එවකට කටාන පොලිසියේ රාජකාරි කළ බුද්ධි අංශ පොලිස් සැරයන්වරයකු, පොලිස්පතිවරයාගේ නියමයෙන් සේවයෙන් පහ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
එම නිළධාරීයාට එරෙහිව මූලික විමර්ශනයක් පවත්වා ඇති අතර, විනය කඩ කිරීම් සම්බන්ධයෙන් චෝදනා 12ක් යටතේ චෝදනා පත්‍රයක් ගොනු කර තිබේ.
එම පොලිස් නිළධාරියා මුල් අවස්ථාවේදීම වරද පිළිගෙන ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.