පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පවසන ලදී.
තවත් නිවාස 11 ක ඉදිකිරීම් අරඹා ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
නිවාස 223 ක් ඉදි කිරීම සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 139 කි.
මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිම පවුල් සංඛ්‍යාවකට නිවාස ලබා දී ඇත්තේ ගම්පහ කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතවයි.
අමාත්‍යවරයා සඳහන් කලේ, කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතව පවුල් 144 කට නිවාස ඉදිකිරීම සඳහා පමණක් රුපියල් මිලියන 90.855 ක් වැය කර ඇති බවය.
කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 9 කට නිවාස ඉදිකර දී ඇති අතර මඩකළපුව දිස්ත්‍රික්කයේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 70 කට නිවාස ඉදිකර දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නිවාස 11 ක් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5 කට අධිකය.