Connect with us

පුවත්

පාස්කු බෝම්බ ප්‍රහාර ගැන හොයන්න තවත් කමිටුවක්

Published

on

2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විමර්ශන කමිටුවක් පත් කර තිබේ.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන     කේ. එන්. කේ. සෝමරත්න මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඩබ්. එම්. ඒ. එන්. නිෂේන් මහතා පත් කර තිබේ. 

මෙම විමර්ශන කමිටුවේ ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සාරතාංජලී මනෝහරන් මහත්මිය කටයුතු කරයි.

2019 අප්‍රේල් 21 වන දින සිදුවූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ ඉන්දීය ඔත්තු සේවා ආයතන සහ වෙනත් මූලාශ්‍ර මඟින් ලද පූර්ව තොරතුරු හෝ බුද්ධි තොරතුරු මත රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින්, ක්‍රියාමාර්ග ගෙන තිබේද යන්න පිළිබඳ මෙන්ම එසේ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් ඒවා ප්‍රමාණවත්ද යන්න කමිටුව මඟින් විමර්ශනය කිරීමට නියමිතය.

එමෙන්ම වව්නතිව්හි දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මාස හතරක කාලයක් විශ්වාස කළේ ඇයි ද යන්න සහ ඉහත සඳහන් කළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල දී අනාවරණය වූ කරුණු මොනවාද යන්න මෙම කමිටුව මගින් විමර්ශනය කිරීමට නියමිතය.

2019 අප්‍රේල් 21 වැනි දින සිදුවූ බෝම්බ ප්‍රහාර විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද 2021 ජනවාරි 31 වැනි දිනැති අවසන් වාර්තාව මඟින් 2019 අප්‍රේල් 21 වැනි දින එල්ල වීමට නියමිත ප්‍රහාරයක් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් අදාළ බලධාරීන්ට, ඉන්දීය ඔත්තු සේවා ආයතන සහ වෙනත් ඕනෑම මූලාශ්‍රයකින් පූර්ව තොරතුරු හෝ බුද්ධි තොරතුරු ලැබී ඇති බව සඳහන් කර ඇත. 

තවද, 2018 නොවැම්බර් 30 වැනි දින හෝ ඒ ආසන්න කාලසීමාවේදී වව්නතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සිය අනාවරණයන් ලිඛිතව දැනුම්දී ඇති අතර එයට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සම්බන්ධයක් තිබෙන බවට විශ්වාස කෙරිණි.  

නමුත් එම සිද්ධියෙන් මාස හතරකට පසු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එවකට ජාතික තව්හිද් ජමාත් සංවිධානය (NTJ)  මීට සම්බන්ධ බව ආනාවරණය කර ගන්නා ලදී. 

2019 අප්‍රේල් 21 වැනි දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාවේ 2021 ජනවාරි 31 දිනැති අවසන් වාර්තාව ඇතුළත් සංයුක්ත තැටිය ද විමර්ශන කමිටු වෙත ලබා දී ඇති අතර අදාළ කරුණු සම්බන්ධයෙන් අදාළ ඕනෑම නිලධාරීන්ගෙන් විමසීමට සහ ලේඛන පරීක්ෂා කිරීමට ද ජනාධිපතිවරයා විසින් කමිටුවට  බලය පවරා තිබේ. 

ඒ අනුව 2024 සැප්තැම්බර් 15 වැනි දින හෝ ඊට පෙර අදාළ කමිටුව වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට ද උපදෙස් දී තිබේ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

2026දී පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කරයි

Published

on

By

2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් තිබේ.

අදාළ අයඳුම්පත මෙසේය :

Continue Reading

පුවත්

ලංකාව – හංගේරියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අත්සන් තබයි

Published

on

By

හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබා තිබේ.

මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තු ගත ණය ප්‍රමාණය යුරෝ මිලියන 30කි.

හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ගිවිසුම අත්සන් කිරීම තුළින් හැකියාව ලැබෙනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම වෙනුවෙන් විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ  Gyorgyi Rehoregh සහ විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිමිකම් සහ අයකරගැනීම් ප්‍රධානී  Adrienn Hegyi Szénásine අත්සන් කර ඇත.

නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් හා ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, හංගේරියානු අපනයන ණය රක්ෂණ සමාගම, හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන පියවරක් ලබාදීමට එකඟවී තිබේ.

හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂි දරන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

Continue Reading

පුවත්

සිරුරට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන නතර කරන්න පියවර

Published

on

By

දරුවන්ගේ ශරීර වලට අහිතකර විය හැකි කෑම පෙට්ටි සහ වතුර බෝතල් ඇතුළු භාණ්ඩ වෙළඳපොළට පැමිණීම නතර කිරීමට දැඩි පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අද (03) දින මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම තීරණ ගන්නා බවයි.

වෙළෙඳපොළේ කළ සමීක්ෂණවලදී අවදානම් සහිත තත්වයන් වාර්තාවී ඇති හෙයින් ඉදිරි මාස දෙකක කාලයේදී දැඩි තීරණයකට යෑමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ආනයනකරුවන් නිෂ්පාදකයන් කැඳවා ඔවුන්ට උපදෙස් දීමට බලාපොරොත්තු වන බවද සමරසිංහ මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved