තමන්ව අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජූලි මස 28දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ තිබේ.
එම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් ගොනුකළ ඉල්ලීම සඳහා ද අධිකරණය අවසර ලබා දුන්නේය.