බුදුරජාණන් වහන්සේට අපහාස කරමින් ප්‍රකාශයක් කළැයි කියන චෝදනාවට අත්අඩංගුවට ගැනීමට පෙර රටින් පළාගොස් සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට හා පවුලේ සාමාජිකයන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව කිසිදු පෙර වැරැදි වාර්තා නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව ඔහුට හෝ පවුලේ අයට මුදල් විශුද්ධිකරණ චෝදනාවන් යටතේ නීතිමය පියවර ගැනීමට නොහැකි බව නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
ගල්කිස්ස, මෙනේරිගම පදිංචි ෆෙඩ්‍රික් ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු හෙවත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධව අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය නම් සංවිධානය කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ඇරඹිණි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඇරඹී මෙම විමර්ශනයෙන් මත්ද්‍රව්‍ය චෝදනා, මුදල් වංචා චෝදනා, මිනීමැරුම්, මංකොල්ලකෑම් හා නීතිවිරෝධි ක්‍රියාවන් සම්බන්ධ චෝදනා එල්ල වී ඇත්දැයි පෙර වැරදි වාර්තා කැඳවා තිබිණි. ඒ අනුව කිසිදු ඒකකයකින් මොහුට විරුද්ධව චෝදනා එල්ල වී නොමැති බව අනාවරණය කර ඇත.
කටුනායක, වේයන්ගොඩ පාරේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවත්වාගෙන යන මිරකල් ඩෝමි ආගමික මධ්‍යස්ථානය ඉදිකිරීමට ඉඩම් ලබාගැනීම හා මුදල් ලබාගැනීම සම්බන්ධවද මේ වන විට හතළිස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මෙම ඉඩම තෑගි ඔප්පුවක් මගින් ව්‍යාපාරිකයකු වන ග්‍රේට්න් ගුණවර්ධන හා ඔහුගේ බිරිඳ පරිත්‍යාගයක් කර ඇති බවට ප්‍රකාශවලින් තහවුරු වී ඇත. අක්කර හතරක පමණ වූ මෙම ඉඩමේ මිරකල් ඩෝමි සභාවේ ගොඩනැගිල්ල ඉදිකර ඇත.
සබැදි පුවත්
පාස්ටර් ජෙරම් අත්අඩංගුවට ගන්න CIDය අවසර ඉල්ලයි
පාස්ටර් ජෙරම්ගේ සල්ලි උණ්ඩියෙල් ක්‍රමේට රට; මහින්දට සම්බන්ධයක් නෑ
බෞද්ධයන් කුපිත කරන කුමන්ත්‍රණයක් ගැන සැක; දිලිත්ටත් චෝදනා
පාස්ටර් ජෙරම් සිය පෙත්සම ඉල්ලා අස්කරගනියි
පාස්ටර් ජෙරම්ගේ බිරිඳ හා දරුවන් ලංකාවට එයි!