Connect with us

පුවත්

පාස්ටර් ජෙරම් එංගලන්තයට පැනගිහින්; බැංකුවලින් කෝටි 1200ක් මාරුවෙලා

Published

on

බුදු දහම ඇතුළු ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන කටයුතු කරන ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරම් ප්‍රනාන්දු නොහොත් පාස්ටර් ජෙරම් මේ වන විට එංගලන්තයේ රැඳී සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

ඔහුට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන කරමින් ඔහුට විදෙස් ගමන් තහනමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන්  ලබාගෙන ඇත්තේ පසුගිය මැයි 15 වැනිදාය.

එම නියෝගය ලබා ගැනීමට පෙර දින පාස්ටර් ජෙරම් සිය බිරිය සහ දරුවන් සමඟ සිංගප්පූරුව බලා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගොස් තිබිණි.

ඔහුගේ බිරියත් දරුවනුත් මේ වන විට මෙරටට නැවත ලංකාවට පැමිණ සිටී.

පාස්ටර් ජෙරොම්ගේ ආගමික නිකාය මේ වන විට ලෝකයේ රටවල් 12ක ව්‍යාප්තව පවතින බවත් එම රටවල මෙහි ශාඛා ඇති බවත් විමර්ශනවලින් අනාවරණය කරගෙන ඇත.

මෙරටින් බැහැරව සිටියත් පාස්ටර් ජෙරොම් විසින් මාර්ගගත ක්‍රමයට සිය අනුගාමිකයන්ට ආශීර්වාද දේව මෙහෙයන් පවත්වමින් සිටින බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබේ.

බැංකුවලින් කෝටි 1200ක්….

මේ අතර, පාස්ටර් ජෙරම් යන අයගේ පුද්ගලික ගිණුම්, ඔහුට අයත් පුද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, ඔහුගේ යාඥා සිදු කරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිය වන මෙලනි ඩයන් වැන්කියුලස්බර්ග් යන අයට අයත් රජයේ සහ පුද්ගලික බැංකු 9 ගිණුම් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත.

මහේස්ත්‍රාත්වරයා මෙලෙස අවසර ලබාදී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම ගිණුම් ඔස්සේ රුපියල් කෝටි 1200ක හෝ ඒ ආසන්න මුදලක් හුවමාරු වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කළ විමර්ශනවලින් පෙනී ගිය බැවින් එම ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිට ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. 

අධිකරණ නියෝගයෙන් කෙරන විමර්ශනවලින් ඒ බව නිශ්චිතවම තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ඉදිරි නඩු දිනයේදී මෙම බැංකු ගිණුම්වලින් හුවමරු වී ඇති මුදල් ප්‍රමාණය නිශ්චිත ලෙස අධිකරණයට දැනුම් දීමට හැකිවනු ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

රාජ්‍ය බැංකු 03කත්, දේශීය පුද්ගලික බැංකු 05කත් විදේශීය බැංකුවක මෙරට ශාඛාවකත් ඇති ගිණුම් මෙසේ පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසරය ලැබී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අමතරව නීති විරෝධී වත්කම් විර්ශන කොට්ඨාසය ද පාස්ටර් ජෙරොම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතී.

සබැඳි පුවත්

පාස්ටර් ජෙරම්ගේ සල්ලි උණ්ඩියෙල් ක්‍රමේට රට; මහින්දට සම්බන්ධයක් නෑ 

පාස්ටර් ජෙරම්ට පෙර වැරදි නැතැයි CIDය කියයි

පාස්ටර් ජෙරම් සිය පෙත්සම ඉල්ලා අස්කරගනියි 

පාස්ටර් ජෙරම්ගේ බිරිඳ හා දරුවන් ලංකාවට එයි!

පාස්ටර් ජෙරම් අත්අඩංගුවට ගන්න CIDය අවසර ඉල්ලයි

පාස්ටර් ජෙරම් තැන මාරුකර දේව මෙහෙය කරයි; සමාවත් ගනියි 

පුවත්

ඩෑන් ප්‍රියසාද් මියගොස් නෑ – පොලිසිය (Update)

Published

on

By

අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී නැති බව පොලිසිය පවසයි.

අසාධ්‍ය තත්වයෙන් පසුවන ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.

මීට පෙර පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් දැක්වුණේ ඔහු මියගොස් ඇති බවයි.

————-

(පෙර පුවත : 2025/04/22 at 10:40 )

අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී ඇත.

අද රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුවී තිබුණු අතර, තුවාල ලැබූ ප්‍රියසාද් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් සුළු තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

නැසීගිය ජාතික කිරි මණ්ඩලයේ හිටපු කළමනාකරු – එල්.එස්. රොඩ්රිගෝ මහතාගේ ආදරණීය බිරිඳ හා ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ – කැළුම් ශිවන්ත මහතා ගේ ආදරණීය මෑණියන් වූ පුෂ්පා රංජනී ලියනගේ මහත්මිය අද (අප්‍රේල් 22) අභාවප්‍රාප්ත වී තිබේ.

දේහය හෙට (23) පෙ.ව. 11.00 – ප.ව. 10.30 දක්වාද අප්‍රේල් 24 පෙරවරුවේද කැළණිමුල්ල පිහිටි සුප්‍රීම් රෙස්ට් මල් ශාලාවේ තැන්පත් කෙරේ.

අවසන් කටයුතු අප්‍රේල් 24දා  ප.ව. 3.00ට පිලපිටිය සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදුකෙරෙනු ඇත.

Continue Reading

පුවත්

පොලිස් බැකප් ගත්ත ටීචර් ගැන නලින්දගෙන් ප්‍රකාශයක්

Published

on

By

පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය සඳහා පොලිසියේ පෙර ගමන් රථ කිසිසේත්ම භාවිත නොකළ යුතු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කරමින් පැවැත්වූ උත්සවය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද(22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, එම අවස්ථාවේ වරදක් සිදුව ඇති බවය.

විමර්ශන වාර්තාව අනුව මෙය පුද්ගල වරදකින් සිදුවූවක්ද නැතිනම් නීතියේ පවතින අඩුපාඩුවක් හේතුවෙන් සිදුවූ කරුණක්ද යන්න හෙළිවනු ඇති බවට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පෙන්වාදෙයි.

තමා දන්නා පරිදි මෙම වැඩසටහන සඳහා පාසල් සිසුන් පැමිණෙන බැවින් පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇති බවත් දරුවන් සිටින ස්ථානයක් සඳහා පොලිස් ආරක්‍ෂාව ලබාදීමට පොලිසිය කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ඒ අනුව ක්‍රියාවලිය අතරමග වරදක් සිදු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බව අමාත්‍යවරයා පැවසීය.

ඒ පිළිබඳව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් :

“ජනාධිපතිතුමා යන්නේත් නැහැ එහෙම. මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් මේ කරපු වැඩේ පිළිබඳව මාධ්‍ය සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමු වුණා.

මෙතන වරදක් වෙලා තියෙනවා ඒ ගැන පොලිසි විමර්ශන කරගෙනන යනවා. අපේ රටේ පෙරහර වගේ එවැනි අවස්ථාවකට පෙර ගමන් රථ ඉල්ලුවොත් ලබා දෙනවා. නමුත් මේක එහෙම කටයුත්තක් නෙවෙයි. 

පුද්ගලයන්ගේ ප්‍රතිරූප ප්‍රවර්ධනය සඳහා කිසිසේත්ම පොලිසියේ මෙවැනි රථවාහනන පොලිස් නිලධාරින් භාවිතා නොකළම යුතුයි. කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. නීතියකුත් නැහැ.

මම දන්න හැටියට එකවර 8000ක් එනවා කියල නෙවෙයි ඉල්ලලා තිබුනේත්. සෙෂන් හතරකට ළමයි ගෙන්න ගන්නවා කියලා තමයි ඉල්ලලා තිබුණේ. ළමයි එනවා කියලා පොලිස් ආරක්ෂාව තමයි මුලින්ම ඉල්ලලා තිබුනේ. 

ක්‍රියාවලියේ අතරමග සිද්ධ වෙච්ච වරද පිළිබඳව විමර්ෂන වාර්තාව බලමු. අදාළ ක්‍රියාමාර්ග අපි ගන්නවා. මෙවැනි ආකාරයේ කටයුතු වලට ඉඩ ලබා ගන්නේ කොතනින්ද කියන එක අපි බලමු. පොලීසියෙ තියෙන නීති වලින් රිංගලා යන්නේ කොතනින්ද කියලා බලන්න ඕන”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved