Connect with us

පුවත්

පාස්ටර් ජෙරම් තැන මාරුකර දේව මෙහෙය කරයි; සමාවත් ගනියි

Published

on

බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට නිගරු වන ප්‍රකාශ සිදුකිරීමේ චෝදනා ඒල්ලව ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ට තම ප්‍රකාශයෙන් සිදු වූ සිත් රිදවීම පිළිබඳව සමාව ඉල්ලා තිබේ.

ඒ් ඔහු අද (21) මෙරට පැවති මෙහෙයකට සූම් යෙදවුම ඔස්සේ සම්බන්ධ වෙමිනි.

මීට පරෙ අද යළි දිවයිනට පැමිණෙන බවට පුවත් පලව තිබුණ ද ඔහු මෙතෙක් මෙරටට පැමිණ නොමැත.

කෙසේවුද, ඔහු වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.

“මම නැවතත් නිවසට එනවා. දැන් අපේ නීතීඥවරුන් මට නැවත එන්න අවශ්‍ය පසුබිම සකසන්න වැඩ කරමින් ඉන්නවා. මම එදා දේශනා කළේ සැබෑ දේව වචනය. මම කිසිම ආකාරයකින් වරදක් කරලා නැහැ. කිසිම වැරදි දෙයක් කරලා නැති වුණත් මට තාමත් මගේ බෞද්ධ, හින්දු සහ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් සමාව ඉල්ලන්න අවශ්‍යයි. මගේ වචන නිසා කිසියම් ආකාරයකින් ඔබගේ හැගිම්වලට රිදවීමක් සිදුවූවානම්, ඒ වගේම ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගෙන් මම නිහතමානීව සමාව ඉල්ලනවා. කෙසේ වුවත් මගේ මේ සමාව ගැනීම සත්‍යය දේශනා කිරීම වෙනුවෙන් නෙමෙයි. මගේ මේ කනගාටුව හැගීම් වශයෙන් සිදුවූ සිත් රිදවීම් වෙනුවෙනුයි.”

ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිදුකළ මතභේදාත්මක දේශනයක් හේතුවෙන් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට නිගරුවන බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේවන විට පැමිණිලි කර තිබේ.

මීට අමතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ඒ සම්බන්ධව විමර්ශනයක් ද ක්‍රියාත්මකය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්ද ලබාගෙන ඇත.

එවැනි වටපිටාවක දේවගැති ජෙරම් ප්‍රනාන්දු රටින් පිටව ගොස් සිටි අතර ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් යොදමින් පවසා තිබුණේ තමන් යළි ඉරිදා, එනම් අද ශ්‍රී ලංකාවට පැමිණෙන බවය.

මේ අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් අද දිනට අදාළ ඉරිදා මෙහෙය කටුනායක මිරකල් ඩෝම් ශාලාවේ නොපවත්වන බව ඔහු ඊයේ (20) සිය facebook ගිණුමේ සටහනක් යොදා තිබේ.

අදාළ දේව මෙහෙය දෙහිවල ප්‍රදේශයේ පිහිටි වෙනත් ස්ථානයක පවත්වන බවත් ඒ සඳහා සුම් යෙදවුම ඔස්සේ සම්බන්ධ විය හැකි බවත් එම සටහනේ වැඩිදුරටත් සඳහන් විය.

කෙසේ වෙතත් අද දහවල් එම දේව මෙහෙය පවත්වන ස්ථානය යළිත් වරක් වෙනස් කර තිබු අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ facebook ගිණුමේ සටහන වුයේ එම දේව මෙහෙය නුගේගොඩ ප්‍රදේශයේ ස්ථානයක පවත්වන බවය.

ඒ අනුව අද පස්වරුවේ එම ස්ථානයේදී අදාළ මෙහෙය පැවති අතර ඊට සිංගප්පුරුවේ සිට සූම් යෙදවුම ඔස්සේ එකතු වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය අනුගාමිකයන් ඇමතීය.

එවන් පසුබිමක දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් කටුනායක මිරකල් ඩෝම් ශාලාව ඉදිරිපිට අද පෙරවරුව වන විට පොලීසිය යොදවා ඇති ආකාරය දක්නට ලැබුණි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved