Connect with us

පුවත්

පාස්පෝට් ගැටලුව ගැන ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්

Published

on

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

වර්තමානයේ පවතින සැබෑ තත්ත්වය පෙන්වාදීම සඳහා මෙන්ම අර්බුදය විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීම සඳහා අදාළ නිවේදනය නිකුත් කළ බව එහි සඳහන්ය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනතාව විසින් තෝරාපත් කරගත් ජනාධිපතිවරයාව අසීරුතාවයට පත්වීමට දෙපාර්තමේන්තු ඉහළ පරිපාලනය විසින් ලබාදුන් සාවද්‍ය තොරතුරු හේතුවූ බවය.

සංඛ්‍යා දත්ත, තොරතුරු සියල්ල දෙපාර්තමේන්තුව සතුව තිබිය දී රජයේ සමස්ත කාර්යභාරයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ආවරණය කළ යුතු අතිශය භාරදුන් කාර්යභාරයක නියැලී සිටින විෂයභාර අමාත්‍යවරයාට කොතරම් කටුක වුවද විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හා සම්බන්ධව පවතින සත්‍ය තත්ත්වය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් අනාවරණය නොකිරීම කනගාටුවට කරුණක් බව ද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.

පැරණි දේශපාලන අධිකාරියේ හිතවත්කම් මත තනතුරු ලබාගත් ඉහළ කිහිපදෙනෙකුගේ අත්තනෝමතික කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් මෙම අර්බුදයට විසඳුම් ලබාගත හැකි බව වෘත්තීය සමිතියක් ලෙස තමන් පිළිනොගන්නා බව ද අදාළ නිවේදනය මඟින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ.

එනිසා මහජනතාව අසීරුතාවයට පත්කළ එවැනි නිලධාරීන් කවුරුන් දැයි හෙළි කිරීම තම සංගමයේ වගකීම වන බවත්, ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කළ යුතු බවත් අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

ඒ සඳහා අදාළ ආයතනවලට බලකිරීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය කටයුතු කළ අතර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිශ්චිතව අවසන් කිරීමට නොපමාව ක්‍රියාකළ යුතු බවට දෙපාර්තමේන්තු බලධාරීන් වෙත අවධාරණය කරන බව ද එම නිවේදනයේ සඳහන්ය.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved