විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
වසර 2015දී දේශන කිහිපයකට යුරෝපය බලා යාමේදී කාලය ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කළ බවට වීරවංශ මහතාට චෝදනා එල්ල වී තිබුණි.
සිය පැරණි විදේශ ගමන් බලපත්‍රය අස්ථානගතවීමත් සමග නව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් බවත්, අස්ථානගත වූ විදේශ ගමන් බලපත්‍රයද පසුකාලීනව හමුවූ බවත් ඔහුගේ නීතිඥවරුන් පෙන්වා දී තිබුණි.
සිද්ධිය සිදුවූ දිනයේදී වීරවංශ මහතා විසින් ගුවන්තොටුපලට යාමේදී වැරදීමකින් ගෙන ගොස් ඇත්තේ මෙම පැරණි විදේශ ගමන් බලපත්‍රය බව ඔවුන් පවසා ඇත.