Connect with us

පුවත්

පාස්පෝට් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා මෙහෙයුම් හෙටින් අවසන්

Published

on

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීම 2025.05.30 දිනෙන් අවසන් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය පැය 24 පුරාවට සිදු කිරීම 2025.02.18 දින සිට ක්‍රියාත්මක වූ අතර එය මෙලෙස හෙට (30) දිනයෙන් අවසන් වෙයි.

ඒ අනුව 2025 ජුනි මස 02 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත් නිකුත් කිරීමේ සේවාව සඳහා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු පෙරවරු 7:00 සිට පස්වරු 2:00 දක්වා සිදුකරනු ලැබේ.

එදිනට එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කරගනු ලැබු එදිනට නියමිත අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ටද ඉහත කාලසීමාව තුළ තම අයදුම්පත් එක්දින සේවාව යටතේ භාරදිය හැකිය.

ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ අයදුම්පත් භාරගැනීම ද පෙ.ව. 7:00 සිට ප.ව. 2:00 දක්වා සිදු කෙරෙයි.

ප්‍රාදේශීය කාර්යාලවල පෙර පරිදිම පෙ.ව. 7:00 සිට ප.ව 2:00 දක්වා සාමාන්‍ය හා එක්දින අයදුම්පත් භාරගැනීම සිදුකරනු ලබයි.

පුවත්

පාසල් 18කට රතු නිවේදන නිකුත් කරයි

Published

on

By

පසුගිය දා ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්දන වැඩසටහන තුළින් පාසල් 18ක් වෙත රතු නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේඥ වෛද්‍ය වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය මේ බව සඳහන් කළාය.

මෙහිදී පාසල් 257ක් පරීක්ෂාවට ලක්කළ අතර එයින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඇති පාසල් 131ක් සොයා ගත් බවත් එය 51%ක ප්‍රතිශතයක් බව ද සඳහන් කළ වෛද්‍යවරිය, මදුරු කීටයින් ඇති පාසල් 37ක් හඳුනාගත් බවත් එය 14.4%ක ප්‍රතිශතයක් බවත් පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය හා එක්ව විශේෂ මදුරු මර්දන වැඩසටහනක් පසුගිය මැයි මස 19 වන දින සිට 24 වන දින දක්වා දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය.

Continue Reading

පුවත්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

Published

on

By

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළවය

Continue Reading

පුවත්

ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ

Published

on

By

ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ පළමු  පොල් කිරි තොගය හෙට දිනයේ නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂා කටයුතු සිදු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව යොමු කළ කැබිනට් අනුමැතියට අනුව ක්‍රියාත්මක කරනු ලබන කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ වැඩසටහන යටතේ ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මෙයයි.

 2025 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු පොල් ගෙඩි මිලියන 200 කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන( ශිතකල පොල් මද,පොල් කිරි හෝ පිටි, කුරුට්ට සහිත කැබලි පොල් (කොප්පරා නොවන)ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ මෙම තොගය ගෙන්වනු ලැබූ බව අමාත්‍යාංශය පවසයි.

මෙම තොගය, පොල් කිරි පිටි කර්මාන්තය සඳහා යොදා ගැනීමට නියමිතය.

මේ තුළින් කර්මාන්ත සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය ලබා ගෙන දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අපේක්ෂාව වේ.

එමෙන්ම මෙම තොගය කොළඹ වරායේදී, ශාඛ නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතන වලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතය.

තොගය විවෘත කිරිම හෙට (31)  උදෑසන 9.00 ට RCT සංකීර්ණය, ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදී සිදු කිරිමට නියමිතයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved