පුවත්

පාස්පෝට් පෝලිම් 15 වැනිදායින් අවසන්

Published

on

රටේ විශාලතම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන විදෙස් ගමන් බලපත්‍ර ගැටලුවට ලබන ඔක්තෝබර් 15 ත් 20 ත් අතර වනවිට විසඳුම් ලබාදීමට සූදානම් බවත් ඒ අනුව පාස්පෝට් පෝලිම අවසන් කිරීමට කටයුතු කරන බවත් නව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් පවසයි.

මහජන ආරක්ෂක ඇමැතිවරයා කියා සිටින්නේ පෝලිම් අවසන් කර නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමද ඉදිරියේදී ආරම්භ කරන බවය.

බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය නව අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඇමැතිවරයා ඊයේ (25 වැනිදා) මෙසේ පැවසුවේය.

ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රධානින් සමග දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවය.

ස්ථිර විසඳුමකට යනතුරු විදේශ ගමන් බලපත්‍ර හිඟය හේතුවෙන් ජනතාව මේ වන විට පත්ව ඇති අපහසුතාව මගහරවා ගැනීමට කෙටි කාලීන විසඳුම් සහ විකල්ප ක්‍රමද යෝජනා කරන ලෙස තමන් අදාළ නිලධාරින්ට දැනුම්දී දී ඇති බවත් ඉදිරියේදී එම යෝජනා අනුව ක්‍රියාත්මක වන්නටද හැකි බවත් මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Trending

Exit mobile version