Connect with us

පුවත්

පාස්පෝර්ට් මිලදී ගැනීමේ සිද්ධියකට හිටපු ජනපති රනිල් වගඋත්තරකරුවෙකු කෙරේ

Published

on

විදේශ සමාගම් දෙකකින් මෙරට විදෙස් ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර තිබේ.

එපික් ලංකා පෞද්ගලික සමාගම විසින් ගොනු කළ රීට් පෙත්සමට අදාලව පෙත්සම්කාර පාර්ශවය විසින් අද (06) මොසමක් ඉදිරිපත් කරමින් එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කලේය.

එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් හා පී. කුමාරත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සළකා බැලුණි.

පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති තසෙස් සමාගම හා ජස්ට් ටයිම් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වරු සඳහන් කළේ ඊ – ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය හේතුවෙන් සිය සේවාදායකයින්ට දැඩි අගතියක් සිදු වන බවය.

එමෙන්ම ඒ අතුරු තහනම් නියෝගය පෙත්සම් කටයුතු අවසන් වන තෙක් බලපැවැත්වෙන බවද පෙන්වා දුන් නීතිඥවරු එම අතුරු තහනම් නියෝගය ඉවත් කිරිමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ විරාන් කොරයා සඳහන් කළේ එම විදෙස් ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතාමත් අවිධිමත් ආකාරයට සිදුව ඇති බවය,

එම අතුරු තහනම් නියෝගය ඉවත් කිරිම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් පෙත්සම කඩිනමින් විභාගය කොට අවසන් තීන්දුව ලබා දෙන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල නියෝග කළේ අතුරු තහනම් නියෝගය ඉවත් කිරිම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා දෙසැම්බර් 09 වැනිදාට පෙර ගොනු කරන ලෙසය.

මෙම රීට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීමට ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් පෞද්ගලික සමාගම් දෙකට පසුගිය සැප්තැම්බර් 02 වැනිදා කැබිනට් අනුමැතිය දී ඇති බවත්, ඒ අනුව එහි කොටසක් ලෙස සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර 7,50,000ක් මිලදී ගැනීමට අනුමැතිය ලබා දී ඇති බවත් පෙත්සම්කාර ආයතනය පෙත්සම මඟින් පෙන්වා දෙයි.

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර නීතියට සම්පුර්ණයෙන්ම පටහැනි ආකාරයට මෙම විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගය මිලදී ගැනීමට තීරණය කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාර සමාගම අදාළ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම දෙසැම්බර් 09 වැනිදා යළි කැඳවීමට නියමිතය.

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved