පුවත්

පාසැල් තෙවැනි වාරය අදියර 3කින්

Published

on

අද (01) දිනයේදී 2022 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (02) නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

තෙවැනි පාසල් වාරය ලබන සඳුදා (05දා) ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර, තෙවැනි පාසැල් වාරය පැවැත්වෙන ආකාරය පිළිබඳවද අධ්‍යාපන අමාත්‍යංශය පවසා තිබේ.

ඒ මෙසේය :

සිංහල හා දෙමළ පාසැල් :

• පළමු අදියර : දෙසැම්බර් 05 – දෙසැම්බර් 22දා දක්වා. නත්තල් උත්සවය හේතුවෙන්  දෙසැම්බර් 23 – ජනවාරි 01දා දක්වා නිවාඩු

• දෙවන අදියර : ජනවාරි මස 02දා – ජනවාරි 20දා දක්වා. ජනවාරි 21 – පෙබරවාරි 19දා දක්වා නිවාඩු

• තෙවැනි අදියර : පෙබරවාරි 20 – මාර්තු 24 දක්වා

මුස්ලිම් පාසැල් :

• පළමු අදියර : දෙසැම්බර් 05 – දෙසැම්බර් 22දා දක්වා. නත්තල් උත්සවය හේතුවෙන්  දෙසැම්බර් 23 – ජනවාරි 01දා දක්වා නිවාඩු

• දෙවන අදියර : ජනවාරි මස 02දා – පෙබරවාරි 15දා දක්වා. පෙබරවාරි 16දා – පෙබරවාරි 28දා දක්වා නිවාඩු

• තෙවැනි අදියර : මාර්තු 01 – මාර්තු 21 දක්වා

Trending

Exit mobile version