පුවත්

පැන්ෂන් ගිය සුකෝ ගුණසිරි යළි එතනම පැලකිරීම අරක්කුකාරයෙක්ගේ වැඩක්?

Published

on

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස සේවය කරමින් සිට විශ්‍රාම ගොස් සිටි එම්. ජේ. ගුණසිරි මහතා නැවත එම තනතුරේ පිහිටුවීමේ සැලැසුම අරක්කු කොම්පැණියක හිමිකරුවකු විසින් ක්‍රියාත්මක කළ එකක් බවට චෝදනාවක් මේවන විට එල්ලවී තිබේ.

ඊට හේතුව වී ඇත්තේ ඔහු විසින් එතනොල් යොදා නොගන්නා බව පවසමින් නිෂ්පාදනය කරනු ලබන මත්පැන් කාණ්ඩයක් සැබෑ ලෙසම නිෂ්පාදනය කිරීමට එතනොල් යොදා ගැනීම සම්බන්ධ තොරතුරු හෙළි වෙතැයි යන බිය නිසා බව පැවසේ.

ආදාළ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධ සම්පූර්ණ රහස් දන්නා පුද්ගලයකු එම සමාගම හැරයාමෙන් පසුව  අදාළ රහස් හෙළිවෙතැයි බියෙන් මේ මත්පැන් නිෂ්පාදකයා විශ්‍රාමගිය ගුණසිරි මහතා අදාළ තනතුරට පත් කිරීමට කටයුතු කළ බව පැවසේ.

ගුණසිරි මහතා නැවත අදාළ තනතුරට පත්වීමට පෙර ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

මේ අතර‍, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් රුපියල් කෝටි 678ක් අය කර ගැනීම ප්‍රමාද කිරීමට විරෝධය දක්වා සුරාබදු කොමසාරිස් කාර්යාලය ඉදිරිප්ට “සුරා බබා කොමසාරිස්” යනුවෙන් වීදි නාට්‍යක්ද අද (20) පෙන්වීමට කටයුතු යොදා තිබේ.

Trending

Exit mobile version