Connect with us

පුවත්

පැමිණිලි වලට නිසි ලෙස ක්‍රියා නොකළ පොලිස් ලොක්කන් 9කට වැඩ වරදී

Published

on

පොලිස් ස්ථානවලට ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මූලස්ථාන චක්‍රලේඛන සහ උපදෙස් පරිදි කටයුතු නොකළ පොලිස් නිලධාරීන් 09 දෙනෙකු තනතුරු වලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් ඒ පිළිබඳව කළ පරික්ෂණයකදී අනාවරණය වූ එවැනි සිදුවීම් 125ක් සම්බන්ධයෙන් පරික්ෂණ ක්‍රියාත්මක වී තිබේ.

ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් ඉන් 84ක පරික්ෂණ අවසන් කර ඇති අතර තවත් සිදුවීම් 61කට අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.  

ඒ අතරින් සිදුවීම් 13 කට අදාළ චෝදනා සනාථ වීමත් සමඟ නිලධාරීන් 09 දෙනෙකුට චෝදනා පත්‍ර භාරදී තිබෙන අතර ඔවුන් අතර පොලිස් ස්ථානාධිපතිවරුන් සහ අංශ භාර ස්ථානාධිපතිවරුද සිටී.

ඒ සම්බන්ධයෙන් අවවාද පත්‍රිකා දී ඇති නිලධාරීන් සංඛ්‍යාව 19 කි.

එමෙන්ම ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ගොනු 23ක් මගින්ද චෝදනා පත්‍ර සහ අවවාද කිරීම් නිර්දේශ වී තිබෙන අතර තවත් ගොනු 41 ක් පිළිබඳ පරික්ෂණ ක්‍රියාත්මක වේ.

ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කරන ස්ථානාධිපතිවරුන් ඇතුලු පොලිස් නිලධාරීන්ට එරෙහිව පරික්ෂණ පවත්වා විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

( මූලාශ්‍රය : News 1st )

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved