පුවත්

පැලවත්තේ හා සෙවනගල එතනෝල් විකුණගන්න බැරුව ගොඩ ගැහිලා

Published

on

එතනෝල් මිලදී ගැනීම සඳහා ගැණුම්කරුවන් ඉදිරිපත් නොවීමෙන් ලංකා සීනි සමාගමේ පැලවත්ත හා සෙවනගල ස්කාගාර ටැංකිවල එතනෝල් ලීටර් දාහත් ලක්ෂයක් ගොඩගැසී ඇතැයි වාර්තා වේ.

පැල්වත්ත ස්කාගාරයේ ලීටර් ලක්ෂ නවයක්ද, සෙවණගල ස්කාගාරයේ ලීටර් ලක්ෂ අටක්ද මෙලෙස ගොඩගැසී ඇතැයි ලංකා සීනි සමාගමේ පාලනාධිකාරිය පවසයි.

මෙම එතනෝල්වල වටිනාකම රුපියල් කෝටි 204 ක් පමණ වේ.ලංකා සීනි සමාගම මඟින් එතනෝල් ලීටරයක් රුපියල් 1,200 බැගින් අලෙවි කරයි.

මත්පැන් මිල ඉහළ යාම, ප්‍රවාහන වියදම් වැඩිවීම, බදු වැඩිවීම හා බඩඉරිඟුවලින් එතනෝල් නිෂ්පාදනය කිරීම නිසා ලංකා සීනි සමාගමේ එතනෝල් මිලදීගැනීමට ගැනුම්කරුවන් ඉදිරිපත්නොවන හේතුව වී ඇතැයි පැවසේ.

සීනි සමාගමේ පැල්වත්ත කර්මාන්තායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන් අමරකෝන් මහතා කියා සිටින්නේ ලංකා සීනි සමාගම විශාල ආදායමක් ලැබුවේ පැල්වත්ත සහ සෙවනගල ස්කාගාරවල නිෂ්පාදනය කරන එතනෝල් අලෙවි කිරීමෙන් බවය.

ඉදිරියේදී පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කොට රුපියල් 1,200ක් වන එතනෝල් ලීටරයක විකුණුම් මිල 1,000 දක්වා අඩුකිරීමට සැලසුම්කර සිටින බවද හෙතෙම කියා සිටී.

Trending

Exit mobile version