පුවත්

පැල්මඩුල්ලේ බස් අනතුරකින් 27කට තුවාල

Published

on

පැල්මඩුල්ල නගරය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් 27 දෙනෙකු තුවාල ලබා ති‍බේ.

පෞද්ගලික බස් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පසු  බස් රථය මාර්ගයෙන් ඉවතට පෙරලී ඇත.

අද උදෑසන  සිදු වූ මෙම අනතුරෙන් 20 දෙනෙකු කහවත්ත මූලික රෝහලට ද 7 දෙනෙකු රත්නපුර රෝහලට ද ඇතුළත් කෙරුණි.

පොලීසිය පවසන්නේ, ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථය ත්‍රී රෝද රථය ඉදිරියට පැමිණීමේදී අනතුර වළක්වාගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එය පෙරලී ඇති බවයි.

තුවාලකරුවන් අතර ත්‍රී රෝද රථයේ ගමන්ගත් 04 දෙනෙකු ද වේ.

එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

Trending

Exit mobile version