පුවත්

පැෆ්රල් සංවිධානයෙන් දැනුවත් කිරීමක්

Published

on

නාම යෝජනා සකස් කිරීමේදී මැතිවරණ කොමිෂම විසින් ලබාදී තිබෙන නිර්දේශ මත නාම යෝජනා සැකසීමට දැඩි අවධානයක් යොමු කළ යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.

නාම යෝජනා සකස් කිරීමේදී තරුණ හා කාන්තා නියෝජනය ප්‍රතිශතයන්ට අනුකූලව ඇතුළත් කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බව, එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව දින කිහිපයක් ඇතුළත මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවය.

Trending

Exit mobile version