පුවත්

පිටිගල වෙඩිතැබීම ඩුබායි පාතාලයේ වැඩක්; ලක්ෂ 50ක කොන්ත්‍රා‍ත්තුවක්

Published

on

පිටිගල හොර­න්ගොල්ලේ වෙළෙඳ සැළක හිමි­ක­රු­වෙක් ඉල­ක්කර පසු­ගිය 11 වැනිදා රාත්‍රී කාලයේ එල්ල­වුණු වෙඩි තැබීම රුපි­යල් ලක්ෂ 50ක කොන්තා­ත්තු­වක් මත ඩුබායි පාතා­ලය විසින් වෙඩි­ක්ක­රු­වන් යොදවා සිදු­කර ඇති බවට සැක­ක­රන තොර­තුරු රැසක් සම්බ­න්ධ­යෙන් පොලි­සිය පුළුල් විම­ර්ශ­න­යක් ආර­ම්භ­කර ඇතැයි වාර්තා වේ.

එම වෙඩි තැබී­මෙන් වෙළෙඳ සැල් හිමි­ක­රුගේ ජීවි­තය බේරුණ ද වෙළෙඳ සැලට පැමිණ සිටි දෙදෙ­නෙක් මිය­ගොස් කාන්තා­වන් තිදෙ­නෙක් තුවාල ලැබීය.

මෙම වෙඩි තැබීම වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ 50ක කොන්ත්‍රා­ත්තුව ඩුබායි හී රැඳී සිටින මෙරට පාතාල අප­රා­ධ­ක­රු­ව­කුට ලබා දී ඇත්තේ පිටි­ගල පදිං­චි­ක­රු­වෙක් විසින් බවට සැක­ක­රන තොර­තුරු ද හෙළිවී තිබේ. 

එම පුද්ග­ලයා ඇතුළු කිහිප දෙදෙ­නක් මේ වන විට පොලිස් භාර­යට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කර­මින් ඇතැයි පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

රුපිි­යල් ලක්ෂ 50ක මුදල අදාළ පුද්ග­ලයා විසින් ලබා දී ඇතැයි පැව­සෙන්නේ ඔහු සතුව තිබුණු මෝටර් රථ­යක් විකුණා බවට ද  සැකයක් මතුව තිබේ.

එසේ මෝටර් රථ­යක් අදාළ පුද්ග­ලයා විසින් අලෙ­වි­කර තිබේ­දැයි සොයා මේ වන විට විම­ර්ශන පැවැ­ත්වෙන බවත් ලැබී ඇති තොර­තුරු තහ­වුරු වුව­හොත් එම පුද්ග­ල­යන් සියලු දෙනාම අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලිසිය සුදානම්වන බවද වාර්තා වේ.

මෙම ඝාතන කොන්ත්‍රා­ත්තු­වට මුල් වී ඇත්තේ කොන්ත්‍රා­ත්තුව ලබා­දුන්නේ යැයි සඳ­හන් පුද්ග­ල­යාගේ සහෝ­ද­ර­යකු පසු­ගිය වසරේ සැත්තැ­ම්බර් 03 වැනිදා ඝාත­නය කිරී­මකි. 

එම ඝාත­නය වෙළෙඳ සැල් හිමි­කරු විසින් සිදු­කර ඇති බවත් ඊට පළි­ගැ­නී­මට ඝාත­නය වූ ‍පුද්ගල­යාගේ සහෝ­ද­රයා විසින් පාතා­ල­යට කොන්ත්‍රා­ත්තු­වක් දී ඇති බවත් විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. 

සිය සහෝ­ද­රයා ඝාත­නය කිරී­මට පළි­ගැ­නී­මක් ලෙස ඩුබායි පාතා­ල­යට කොත්ත්‍රා­න්තු­වක් දී වෙළෙඳ සැල් හිමි­කරු ඝාත­නය කිරී­මට උත්සහ කළේ යැයි කියන පුද්ග­ලයා හමුදා සේවයේ නිර­තව සිටි අයෙක් බව ද කියැවේ.

‍මෙම ඝාතන කොන්ත්‍රා­ත්තුව ඔහු විසින් ලබා දී ඇතැයි පැව­සෙන්නේ කර­න්දෙ­ණියේ සුද්දා නමැති පාතාල අප­රා­ධ­ක­රු­ටය. කර­න්දෙ­ණිය හිත හොඳ දොස්තර ඇතුළු කොන්ත්‍රාත් ඝාතන රැස­කට සම්බන්ධ අප­රා­ධ­ක­රු­වෙක් ලෙස පොලි­සිය කර­න්දෙ­ණිය සුද්දාව හඳු­නා­ගෙන සිටී.

තම “මල්ලිගේ” ඝාත­න­යට පලි­ගැ­නී­මක් ලෙස 35 හැවි­රිදි අයියා තවත් අයකු සමඟ වෙඩි ප්‍රහාා­ර­යට දින දෙක­කට පෙර අදාළ වෙළෙඳ සැල ජංගම දුර­ක­ථ­න­ය­කින් වීඩියෝ ගත­කර ඇති බව ද සඳ­හන්ය. 

පොලිස් භාරයේ සිටින අය අතර ජංගම දුර­ක­ථ­යෙන් වෙළඳසැල වීඩි­යෝ­ගත කළ පුද්ග­ල­යාද සිටින බව සඳ­හන්ය.

Trending

Exit mobile version