පුවත්

පිටිගල හා අම්බලන්ගොඩ වෙඩි තැබීම් දෙකකින් 3ක් මරුට

Published

on

පිටිගල හා අම්බලන්ගොඩ ප්‍රදේශවල ඊයේ (11) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීම්වලින් තිදෙනෙකු මියගොස් තවත් සය දෙනෙකු මියගොස් ඇති බවයි.

පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට එක් වෙඩි තැබීමක් සිදුව තිබේ.

අදාළ වෙඩි තැබීමෙන් එම ස්ථානයේදීම පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ගල්ළිඳ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපළකරයි.

මේ අතර, අනෙක් වෙඩි තැබීම අම්බලන්ගොඩ ප්‍රදේශයේදී සිදු කර ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත.

Trending

Exit mobile version