පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන් නෙරපන ලෙස මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ඇතුළු පහතරට භික්ෂූන් වහන්සේලා මල්වතු පාර්ශ්වයේ මහා නාහිමිගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
මීට ඉහත දී මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේද සිත් රිදවමින් ශාසනික හා ආගමික වශයෙන් විශාල හානියක් සිදුකරන බවට සිරිධම්ම හිමිට එරෙහිව චෝදනා එල්ලවී ඇත.
ඤාණිස්සර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කීපනමක් ඊයේ (3 වැනිදා) මල්වතු විහාරයේදී තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක මෙම ඉල්ලීම කර තිබේ.
එසේම සිරිධම්ම හිමි ව්‍යාපාර කටයුතුවල යෙදෙමින් ශාසනික වශයෙන්ද හානි කරමින් බෞද්ධයන්ගේද සිත් රිදවමින් තවදුරටත් කටයුතු කරන පිටිදූවේ සිරිධම්ම හිමියන් නිසා මල්වතු පාර්ශ්වයටද බරපතළ අපකීර්තියක් අත්වන බව ද වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මූලාශ්‍රය – සතිය