පුවත්

පිනට බියර් ගහන්න ගිය PC ගුටිකාලා රෝහලේ

Published

on

බියර් වෙළඳසැලකට පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකුට වෙළඳසැල් සේවකයින් විසින් පහරදීම නිසා රෝහල්ගත කර තිබේ.

එම කොස්තාපල්වරයා මුදල් නොගෙවා බියර් ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා බියර් වෙළඳසැලේ සේවකයිගේ පහරකෑමට ලක්ව ඔහු රෝහල්ගතකර ඇත.

මෙලෙස පහර කෑමට ලක්ව ඇති පොලිස් කොස්තාපල්වරයා නිකවැරටිය මුලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි.

මොහු කොළඹ මධ්‍යම කොට්ඨාසයේ විශේෂ කාර්යාංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

මොහු සමඟ පැමිණි මිතුරන් කිහිප දෙනෙකු බියර් හලට පැමිණ මෙලෙස බලහත්කාරයෙන් බියර් ඉල්ලීමේදී මෙම ආරවුල හටගත් බව වාර්තා වේ.

පහර දුන් පිරිස පොලිස් කොස්තාපල්වරයා පැලඳ සිටී රන් මාලයක් හා අත් පළඳනාවක් පැහැර ගත් බවට පවසා තිබුණද, පොලිසිය  විසින් සිදුකළ cctv දර්ශන මඟින් අනාවරණය වී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා රන් භාණ්ඩ පැළඳ එම ස්ථානයට පැමිණ නොමැති බවය. 

සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු කරන සිදුකරන බවද වාර්තා වේ.

Trending

Exit mobile version