පුවත්

පියාඹන කාර්වලට ලයිසන් ලැබෙයි!

Published

on

අලෙෆ් එරොනොටික්ස් සමාගමේ පියාසර කිරීමට හැකි මෝටර් රථය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රජය පියාසර කිරීම සඳහා නීතිමය අනුමැතිය ලබා දී ඇත.

මෙම මෝටර් රථය සියයට 100 ක් විද්‍යුත් මෝටර් රථයක් වන අතර එක් අයෙකුට හෝ දෙදෙනෙකුට ගමන් කළ හැක.මෝටර් රථයේ මිල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක් (ශ්‍රී ලංකා මුදලින් 92643480) පමණ වේ.මාර්ග තදබදය සහ අනතුරු මග හරිමින් පියාසර කිරීමට මෙම මෝටර් රථයට හැකියාව තිබේ.

තම මෝටර් රථයට පියාසර කිරීම සඳහා යෝග්‍යතා සහතිකයක් ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා ඒජන්සියෙන් ලැබුණු බව අලෙෆ් එරොනොටික්ස් සමාගම ප්‍රකාශ කර ඇත.මෙවැනි මෝටර් රථයක් සඳහා ඇමෙරිකානු රජය අවසර දුන් ප්‍රථම අවස්ථාවද මෙය වේ.මෙම විශේෂ පියාසර කිරීමේ යෝග්‍යතා සහතිකය මගින් මෝටර් රථයට පියාසර කිරීමට අවසර ලබා දී ඇතත් පියාසර කළ හැකි ස්ථාන සහ අවස්ථා සීමිත කර ඇත.

අලෙෆ් එරොනොටික්ස් සමාගම 2025 වසරේ අවසානයේ සිට මෙම මෝටර් රථය මිලදී ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වේ.

(ලංකාදීප)

Trending

Exit mobile version