Connect with us

පුවත්

පියුමිගේ ක්‍රීම් CID විමර්ශනයට

Published

on

නීති විරෝධී සහ සැක කටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේයැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

එම ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

මීට අමතරව පියුමි හංසමාලි පවත්වාගෙන යන මෙම ව්‍යාපාරය විසින් සිදු කරගෙන යනු ලබන ව්‍යාපාර කටයුතු ආදායම් බදු ගෙවීම් සහ ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් ද එම කොට්ඨාසය පරීක්ෂණ පවත්වාගෙන යයි.

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන මෙම ව්‍යාපාරය  සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ  ලියාපදිංචි වී ඇති අතර ඒ හා සම්බන්ධ තොරතුරු ද එම කාර්යාලය මගින් ගෙන්වාගෙන තිබෙන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෙන්වා ගත් එම තොරතුරු සම්බන්ධයෙන් ද  විමර්ශන ආරම්භ කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

(ලංකාදීප)

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved