Connect with us

පුවත්

පිරමීඩ ජාවාරමකට හසුවූ ගුරුවරයෙක් සියදිවි නසාගෙන

Published

on

අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක පිරමීඩ ජාවාරමකට හසුව, සිත් තැවුලකට පත් වළස්මුල්ල ප්‍රදේශයේ ක්‍රීඩා ගුරුවරයකු පාසල් ක්‍රීඩා කාමරය තුළ එල්ලී මිය ගොස් ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ, වළස්මුල්ල පල්ලෙකන්ද උතුර කණුමුල්දෙණිය විද්‍යාලයේ ක්‍රීඩා උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ ශ්‍රීනාත් දර්ශන (38) නමැති දෙදරු පියකු බව වළස්මුල්ල පොලීසිය පවසයි.

මෙම ගුරුවරයා ඉකුත් 1 වැනිදා සිට අතුරුදන්ව සිට ඇති අතර, විදුහල්පතිවරයා ඔහු පිළිබඳව සොයා බැලීමේදී ඔහුගේ සිරුර ක්‍රීඩා කාමරයේ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.

පසුව විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් වළස්මුල්ල පොලීසියට කළ දැනුම්දීමකට අනුව පොලීසිය ගොස් මළ සිරුර ඉවතට ගෙන තිබේ.

මෙම ගුරුවරයා මිය යාමට පෙර ඔහු සිය දිවි නසාගන්නා බවට රතු පෑනකින් ලියූ ලිපියක් ද හමු වූ බව පොලීසිය කියයි.

මෙම ගුරුවරයා ආකර්ෂණීය පොලියක් වෙනුවෙන් නීති විරෝධී පිරමීඩ ජාවාරමක විශාල මුදලක් ආයෝජනය කර ඇති අතර, එම මුදල නොලැබීම නිසා ඇති වූ සිත්තැවුලක් මත මෙලෙස සිය දිවි නසාගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

තමන් පිරමීඩ ව්‍යාපාරයක විශාල මුදලක් ආයෝජනය කළ බවත්, එහි ප්‍රතිලාභ නොලැබුණහොත් සිය දිවි නසා ගැනීමට සිදුවන බවට මිතුරකුට පවසා ඇති බවත්, ඔහු මිය යාමට මාසයකට පමණ ඉහත දී මිතුරකුට පවසා ඇති බව ද වාර්තා වේ.

ඔහු පිරමීඩ ජාවාරමක මුදල් අයෝජනය කළ බවට ඔහුගේ බිරිඳ හෝ ඥාතීන් දැන සිට නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරගැනීම සඳහා විමර්ශන සිදු කරන බවත් වළස්මුල්ල පොලීසිය පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ බොහෝ පිරිසක් මෙම නීති විරෝධී පිරමීඩ ජාවාරමට සම්බන්ධ වී ඇති බවත්, එම පිරිස අතර පොලිස් නිලධාරීන් ද වන බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

මුදල් ආයෝජනය කළ බොහෝ පිරිසකට මුදල් අහිමි වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පොලීසියට ද පැමිණිලි රැසක් ලැබී ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් මත වළස්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

සබැදි පුවත්
ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධකයින් අල්ලන්න සොයයි!

උණ්ඩියල් කෙරුමන්ගේ තොරතුරු හෙළිවෙලා; වැඩිපිරිස ව්‍යාපාරිකයෝ මහ බැංකුවේ හිරවුණ Onmax DT සල්ලිවලටත් ‌සොරි

Onmax DT ටීම් එක එළියේ ඉන්න ඩීල් එක; සල්ලි ජෝර්ජියාවේ ගිනුමකට මාරුකරලා

නාමල්ගේ කී Onmax DT ඇතුළු පිරමීඩ ජාවාරම් 3කට අපරාධ නඩු!

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved