Connect with us

පුවත්

පිරමීඩ ජාවාරම්කාර සමාගමක මෙරට නියෝජිතයෙකුට රටින් පිටවීම තහනම්

Published

on

ශ්‍රී ලාංකිකයන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළේ යැයි කියන මැලේසියාවේ සිට මෙහෙයවූ ලෙජර් බ්ලොක් (Ledger Block)  මහා පරිමාණ පිරමීඩාකාර ජාවාරමේ දේශීය නියෝජිත කුරුණෑගල සමන්ත ගුණතිලකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නිකුත් කර තිබේ.

මැලේසියාවේ “ලෙජර් බ්ලොක්” පිරමීඩාකාර සමාගමේ අන්තර්ජාල දත්ත තොරතුරු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට නියෝගයක්ද නිකුත් කළාය.

ශ්‍රී ලාංකීයන් පන්දහසකට අධික පිරිසකගේ රුපියල් කෝටි ගණනක මුදල් තැන්පතු බාර ගනිමින්, එම මුදල් වලට දිනපතා, තැන්පත්කරුගේ ජීවිතය තිබෙන තෙක් ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා සමාගමේ නියෝජිතයින් විසින් අන්තර්ජාලය හරහා තැන්පතු භාරගෙන ඇති බව දැනට විමර්ශන තොරතුරු අනුව අනාවරණය වී තිබේ.

ක්‍රිප්ට්‍රො කරන්සි සහ යූඑස්ඩිටි අත්‍යන්තර මුදල් ඒකක හරහා මෙම ප්‍රතිලාභ ලබා දෙන බවට සඳහන් කර ඇති සැකකාර සමාගම ආයෝජනය කරන මුදල්වලට දිනපතා ඇමරිකානු ඩොලර් 0.7ක ප්‍රතිලාභ ලබාදීමට තැන්පත්කරුවන්ට පොරොන්දු වී ඇත.

පුවත්

දේශබන්දුට මාතරින් නියෝගයක්

Published

on

By

මාතර වැලිගම W15 හෝටලයට ⁣අසල වෙඩි තැබීමේ නඩුවට අදාලව අප්‍රේල් 10වන දා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය දී තිබූ නියෝග කඩකරීම හරහා දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) සඳහන් කළේය.

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුපැවරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව සිව්වන සමාලෝචනයට අදාළව IMF සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවන බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722 ක් දක්වා ඉහළ යනු ඇත.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාව 27 වැනිදායින් අවසන් (වීඩියෝ )

Published

on

By

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට පසුගිය 18 වනදා උදාවුණි.

ඒ, 16 වසරකට පසුවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved